මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරියානු රැකියා භාෂා ප‍්‍රවිනතා විභාගයට අයදුම්කරුවන් 22,905ක්

    මාර්තු 21, 2017

    මෙවර කොරියානු භාෂා ප‍්‍රවිනතා විභාගයට අයදුම්කරුවන් 22,905 දෙනෙකු ඉල්ලුම්පත් භාර දී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.


    අයදුම්පත් භාරගැනිම පසුගිය මාර්තු මස 14, 15, 16, 17  දක්වා දිවයිනේ මධ්‍යස්ථාන 19 ක දී සිදුකර තිබේ. මෙවර වැඩිම අයදුම්පත‍්‍ර ප‍්‍රමාණයක් වන 3388 ක ප‍්‍රමාණයක් නිකුත් කර ඇත්තේ කාර්යාංශයේ තංගල්ල විගමණික සම්පත් පුහුණු මධ්‍යස්ථානයෙනි.

    මීට අමතරව ගාල්ල මධ්‍යස්ථානයෙන් අයදුම්පත්  3102 ක්ද, අතුරුගිරිය ජාතික වැවිලි කළමණාකරණ ආයතනයෙන් 2917 ක්ද, රත්නපුර මධ්‍යස්ථානයෙන් 2403 ක්ද, මහනුවර මධ්‍යස්ථානයෙන් අයදුම්පත්  2107 ක්ද නිකුත් කර ඇත. එසේම අවමය වන අයදුම්පත් 05 ක ප‍්‍රමාණය යාපනය මධ්‍යස්ථානයන් නිකුත් කර ඇත. 2016 වර්ෂයේ අයදුම්පත‍්‍ර 26,139 ක් නිකුත් කෙරිණි.

    ඇගයුම් මත ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදය මත පවත්වන මෙම විභාගය පැවැත්වෙන ස්ථාන හා වේලාවන් දැනුම්දීම පසුව සිදුකරන අතර වැඩි විස්තර www.slbfe.lk වෙබ් අඩෙවියෙන් ලබාගැනිමට  හැකිවේ.

    මෙවර විභාගය පවත්වනු ලබන්නේ නිෂ්පාදන හා ධීවර අංශයේ රැකියා සඳහා  පමණි. කොරියානු භාෂා ප‍්‍රවිනතා විභාගය පරිපාලනය කරනු ලබන්නේ කොරියානු  මානව සම්පත් සංවර්ධන ආයතනයයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහායෙන් විභාගය පැවැත්වේ. රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ධීවර අංශවල පවතින පුරප්පාඩු මත බවත්, ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත් කාර්යාංශය අවධාරණය කරයි. මේ වන විට ශ‍්‍රී ලාංකිකයින් 30,000 ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya