අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමිය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටතමයින් ඇගයීමේ ජාතික සම්මාන උළෙල අද

    මාර්තු 20, 2017

    මාතෘ භූමිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබාදුන් විශිෂ්ටතම පුද්ගලයින් 90 දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් සම්මාන පිරිනැමීමේ ජාතික සම්මාන උළෙල අද (20) ප.ව. 6.00ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

    දේශයේ ප්‍රගතිය වෙනුවෙන් එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ සිය අද්වීතිය දායකත්වය ලබාදුන් ශ්‍රී ලාංකිකයින්ගේ මෙහෙවර අගයනු වස් මෙසේ ජාතික සම්මාන පිරිනැමීම සිදු කෙරෙන අතර මෙවර ජාතික සම්මාන උළෙල පැවැත්වෙනුයේ වසර 12කට පසුව වීම විශේෂත්වයකි.

    මෙහිදී පිරිනැමෙන උච්චතම සම්මානය වනුයේ ශ්‍රී ලංකාභිමාන්‍ය (නාමධාරී) සම්මානයයි.   නෙළුම් මලක ලාංඡනයකින් සමන්විත රන් පදක්කමකින් සංකේතවත් කෙරෙන මෙම සම්මානය ජාතිය උදෙසා කරන ලද උත්කෘෂ්ඨ හා අතිකීර්තිමත් සේවය සඳහා එක් අයකුට පිරිනැමේ.

    ඊට අමතරව දේශමාන්‍ය සම්මාන 10ක්, දේශබන්ධු සම්මාන 09ක්, විද්‍යාජෝති සම්මාන 11ක්, ශ්‍රී ලංකා රංජන සම්මාන 02ක්, කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකා ශිඛාමණී සම්මාන 07ක්, විද්‍යානිධි සම්මාන 10ක්, කලා ශූරී සම්මාන 14ක්, ශ්‍රී ලංකා තිලක සම්මාන 02ක් හා වීරප්‍රතාප සම්මාන 02ක් යනුවෙන් තවත් විශිෂ්ටතමයින් 89 දෙනෙකුට සම්මාන පිරිනැමීමට නියමිතය.

    මෙහිදී ශ්‍රී ලංකා රංජන ජාතික සම්මානය ශ්‍රී ලංකාව මෙන්ම පොදුවේ සියලු ලෝක ජනතාව වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් උදෙසා පිරිනමනු ලැබේ.

    මෙම උළෙලේදී සම්මානයට පාත්‍රවනුයේ ඒ ඒ පුද්ගලයින් විසින් හා විවිධ මහජන සංවිධාන විසින් යොමු කරන ලද නාම යෝජනා විදිවත් විනිශ්චය මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්කිරීමෙන් පසු තෝරා ගනු ලැබූ සුවිශිෂ්ටතම පුද්ගලයින් අනූදෙනෙකු වන අතර මේ සඳහා නම් 426 ක් ‍යෝජනා වී තිබුණි.

    1986 ජාතික සම්මාන පනත අනුව පිරිනැමෙන මෙම සම්මානලාභීන්ගේ නාම ලේඛනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya