මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට 2OR සංවිධානය කැමැත්ත පළ කරයි Featured

    මාර්තු 18, 2017

    මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව ඉදිකිරීමට යෝජිත බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් සඳහා සහය දැක්වීමට ජාත්‍යන්තර පුණ්‍යාධාර සංවිධානයක් වන 2OR සංවිධානය කැමැත්ත පළ කරයි.

    එහි සභාපති, ඕස්ටේ‍්‍රලියානු පෙරදිග ගුවන්විදුලි හා රූපවාහිනි සමාගමේ සභාපති Jun Hong Lu මහතා ඇතුළු නියෝජිත පිරිසක්  ඊයේ  (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.

    ශී‍්‍ර ලංකාවේ බෞද්ධාගමික කටයුතුවල දියුණුව සඳහා තම සංවිධානය මගින් ලබාදිය යුතු දායකත්වය පිළිබඳ මෙහිදී නියෝජිත පිරිස ජනාධිපතිතුමාගේ උපදෙස් විමසු අතර තම සංවිධානය ලොව පුරා රටවල් 40 ක බෞද්ධ සුබසාධන සංවිධාන සමග සම්බන්ධව කටයුතු කරන බවත්, තම අරමුණ බුදු දහම ලොව පුරා පැතිරවීම සඳහා කි‍්‍රයාකිරීම බවත් සඳහන් කළහ.

    එමෙන්ම විශේෂයෙන් තරුණ පරපුර අතර බුදු දහම ව්‍යාප්ත කරමින් ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් උසස් මට්ටමට ගෙන ඒම තම සංවිධානයේ ප‍්‍රමුඛ අරමුණක් බව ද කියා සිටියහ.

    මෙහිදී ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ තම රජයේ අරමුණ ද බුදු දහමේ ආභාෂය තුළින් යහපත් මෙන්ම විනයගරුක තරුණ පරපුරක් ගොඩනැගීම බවයි.

    පොළොන්නරුව කෞතුකාගාරයේ ඉදිකිරීම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ද මෙහිදී Jun Hong Lu මහතා කැමැත්ත පළ කළ අතර ඒ පිළිබඳව ද ජනාධිපතිතුමා සිය ස්තූතියි පිරිනැමීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya