අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමුඛතාව දෙන්නේ නිවැරදිව, සාධාරණව හා විනිවිදභාවයෙන් වැඩකරන අයටයි- අධ්‍යාපන ඇමැති Featured

    මාර්තු 17, 2017

    ලෝකයේ ඕනෑම රටක් ඉදිරියට ගොස් ඇත්තේ අධ්‍යාපනය තුළ කරන ලද විප්ලවයන් සමඟ බවත්, රටේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් වීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර ඒ සඳහා දායක විය හැකි පරිදි අපේ රටේ අධ්‍යාපන පද්ධතිය යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඒ මහතා ප්‍රකාශ කළේ එහිදී පක්ෂ, තරාතිරම්, පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා නිවැරදිව හා සාධාරණව හා විනිවිදභාවයෙන් කටයුතු කරන අයට ප්‍රමුඛතාව ලබා දීම තම අරමුණ බවයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ, ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් හා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස් වීම් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැති පත්වීම් ප්‍රදානෝත්සවයට එක් වෙමින්.

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 37 දෙනෙක්, ශ්‍රී ලංකා විදුහල්පති  සේවයේ  43 දෙනෙක්,  ශ්‍රී ලංකා ගුරු සේවයේ 106 දෙනෙක් අද අමාත්‍යවරයා  වෙතින් නව පත්වීම් ලැබුවා.

    මීට අමතරව, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 2-I ශ්‍රේණියට නිලධාරීන් 41  දෙනෙකුට සහ 2 - II ශ්‍රේණියට නිලධාරීන් 11 දෙනෙකුට උසස්වීම් පිරිනැමීම ද මෙහි දී සිදුකෙරුණා.  

    රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් මානව සම්පත් පුහුණු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් සේ සලකමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ට විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ලබාදීම ගැන වත්මන් රජය තරම්, මින් පෙර කිසිම රජයක් අවධානය යොමු කර නොතිබූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    එමෙන්ම ඉදිරි අනාගතය ‍දූරදර්ශීව සැලසුම් කරමින් ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සියලු විද්‍යාපීඨවල පාඨමාලා යාවත්කාලීන කිරීමට ද ඉදිරියේ දී පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ගමනක් යන විට අතරමඟ හමුවන බුරා පනින බල්ලන්ට ගල් ගසන්නට ගියොත් ගමන යන්නට නොහැකි වන බවට හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වූ වින්ස්ටන් චර්චිල් විසින් කරන ලද ප්‍රකාශයක් ද මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා, අතළොස්සකගේ කවරාකාර බලපෑම් තිබුණත් අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ගත යුතු තීරණ නොබියව ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළා.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ති ගුණසේකර ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya