අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Aris - 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය මුදාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නවා

    මාර්තු 17, 2017

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් බවට සැක කෙරෙන Aris - 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලය බේරාගැනීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව වැඩබලන වරාය සහ නාවික අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (16) වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍ර‍වණාගාරයෙහි පැවැති මාධ්‍ය හමුවකදීය.


    Aris 13 නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ඥාතීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

    මෙම මාධ්‍ය සාකච්ඡාවට වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා,  Aris 13 නෞකාවට මිනිස් බල පහසුකම් සැලසූ ශ්‍රී ලංකාවේ A J Shipping ආයතනයේ ප්‍ර‍ධානී ටිරෝන් ප්‍ර‍නාන්දු මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya