මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් අල්ලා ගන්නා ලද බව පවසන නෞකාව පිළිබඳ ප්‍රකාශය Featured

    මාර්තු 15, 2017

    මුහුදු කොල්ලකරුවන් විසින් කොල්ලකන ලදැයි පැවසෙන “ශ්‍රී ලාංකික ධජය රැගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව” සම්බන්ධයෙන් වූ මාධ්‍ය වාර්තා පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයට දැන ගන්නට ලැබී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින අතර, මූළික විමසීම් වලින් කරුණු හෙළිවන පරිදි එම නෞකාව ශ්‍රි ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බවට වාර්තා වී ඇත.

     

    නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.

     

    එබැවින්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් වහාම එම තොරතුරු එම නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් සිදු නොවන අයුරින් වාර්තා කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya