අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ සහ මහනුවර ප්‍රමිතියෙන් තොර කම්බි සහ ගිනිපෙට්ටි තොගයක් අත්අඩංගුවට

    මාර්තු 13, 2017

    ගම්පහ යකඩ කම්බි නිෂ්පාදන කර්මාන්තායතනයක් හා යකඩ වෙළෙඳ සැළක් වටලා ප්‍රමිති සහිතකය තිබිය දී එහි කොන්දේසි උල්ලංඝනය කරමින් නිෂ්පාදනය කළ යකඩ කූරු ටොන් 13ක් අත්අඩංගුවට ගෙන එම කර්මානත ශාලාවට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළ  බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව යකඩ කූරු නිෂ්පාදනයේ දී ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් එස්.එල්.එස්. සහතිකය ලබා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයකි.  මෙම යකඩ තොගයේ තොග වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වේ.   පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ගම්පහ යකඩ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කර තිබූ යකඩ කම්බි හා අළෙවි සැළක අළෙවි කිරීමට තිබූ යකඩ කම්බිවල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිකුත් කළ එස්.එල්.එස්. සහතිකය තිබුණ ද යකඩ කූරු ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර තිබූ බවයි.

    මහනුවර පේරාදෙණියෙන් හා පල්ලෙකැලෙන් ප්‍රමිති සහිතකය නොමැතිව නිෂ්පාදනය කළ ගිනිපෙට්ටි ලක්ෂ 15ට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 95ක් වටිනා ගිනිපෙට්ටිවලට මුද්‍රා තබා ඇත. 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 (1) වගන්තියට අනුව 2012 ජනවාරි මස 27 වැනි දින නිකුත් කළ අංක 1742/27 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ගිනි පෙට්ටි නිෂ්පාදනයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන එස්.එල්.එස්. සහතිකය ලබා තිබීම අනිවාර්ය වේ.

    පේරාදෙණිය අලදෙණියේ ගිනිපෙට්ටි කර්මාන්තශාලාවක තිබී එස්.එල්.එස්. සහතිකය නොමැති ගිනිපෙට්ටි 720 බැගින් වූ ඇසුරුම් 2000ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී ගිනිපෙට්ටි සංඛ්‍යාව 1,440,000කි. පාරිභෝගික අධිකාරිය පවසන්නේ එහි වෙළෙඳ වටිනාකම රුපියල් 8,640,000ක් බවයි.
    මහනුවර පල්ලෙකැලේ ගිනි පෙට්ටි කර්මාන්තශාලාවක තිබී එස්.එල්.එස්. සහතිකය නොමැතිව නිෂ්පාදනය කළ ගිනිපෙට්ටි 150,000ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි වටිනාකම රුපියල් 900,000කි.  
    අලදෙණියේ ගිනිපෙට්ටි කර්මාන්තශාලාව වෙළෙඳ නාම කිහිපයක් යටතේ ගිනිපෙට්ටි නිෂ්පාදනය කර ඇති බවත් ඇතැම් ගිනිපෙට්ටිවලට එස්.එල්.එස් සහතිකය තිබූ බැවින් එස්.එල්.එස් සහතිකය නොමැති ගිනිපෙට්ටි තොගය මුද්‍රා තැබූ බවත් පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    ඉදිරියේ දී තවත් මෙවැනි ස්ථාන සොයාබලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාටත් එහි නිලධාරීන්ටත් උපදෙස් දී තිබෙන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ මහනුවර ගිනිපෙට්ටි කර්මාන්ත ශාලා දෙකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya