අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු පාර්ලිමේන්තුවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ කොන්ග්‍රස් නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි Featured

    මාර්තු 09, 2017
    ඇමරිකානු පාර්ලිමේන්තුවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ කොන්ග්‍රස් නියෝජිත පිරිසක් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයේ දී  සිදු විය.

    ඇමරිකානු ප්‍රජාත්‍රන්ත්‍රවාදී හවුල්කාරීත්වයේ සභාපති මෙන්ම කොන්ග්‍රස් නියෝජිත පීටර් රොස්කම් (Peter Roskam- Chairman) මහතා හා එහි නියෝජිත ඩේවිඩ් ප්‍රිස් (David Price ), ඩිනා ටිටුස් ( Dina Titus), ගෙරි කොනොලි ( Gerry Connolly ), සුසාන් ඩේවිස් ( Susan Davis ) , ජෙෆ් බිල්මන් ( Jeff Billman ), ජස්ටින් වින් (Justin Wein ), ජෙඩ් මෙලින් ( Jed Meline) සහ මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප්(Athul Keshap) යන දූත පිරිස මෙම හමුවට එක්ව සිටි අතර එහිදී දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමය හා එහි ප්‍රතිසංස්කරණය පිළිබඳ කතා බහ සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තුවේ සභනායක ලේකම් නවුපර් රහුමාන් මහතා,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් සී. කුරුප්පු මහතා අතුළු පිරිසක්එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya