අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුථව ඇරඹේ Featured

    මාර්තු 07, 2017
    ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් පැවැත්වෙන ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුථව අද (07) පෙරවරුවේ ජකර්තා නුවර දී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක උත්සවය සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක් විය.
    සමුථව පැවැත්වෙන ජකර්තා නුවර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි ජනාධිපතිතුමා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ (Joko Widodo)  මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
    ඉන්දියානු සාගර කලාපයේ රටවල් 21 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මෙම සමුථවට එක්ව සිටින අතර ඔවුන්ගෙන් ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමි වූයේ ඉහළ පිළිගැනීමකි
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තව සුථ මොහොතකින් සමුථව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.

    ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya