අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ නායක සමුළුව අද ඇරඹේ

    මාර්තු 07, 2017

    ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ  (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව, අද (07)  ආරම්භ වෙයි.

    ඉන්දියානු සගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සගරයට මායිම් වූ රටවල සංවිධානයේ 20 වැනි සංවත්සර සැමරුමට සමගමීව එහි සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

     

    ''ඉන්දියානු සාගරය සමකාමී,ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත් කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීම'' යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙයි.   ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (06)දහවල් ජකර්තා නුවර Soekarno Hatta ජාත්‍යන්තර ගුවන් තොටුපොළවෙත ළඟා විය.


    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි සමාරම්භක උත්සවයට සහභාගීවීමට නියමිත අතර ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට පෙ.ව 11.00 ට පමණ සමුළුව ඇමතීමට නියමිතය.

    රාජ්‍ය නායක සංචාරය අතරතුර දී  ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර, ''ඉන්දුනීසියවේ සමුද්‍රීය හා ධීවර කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සමුද්‍රීය හා ධීවර කටයුතු  සහයෝගිතාව පිළිබඳ අවභෝධතා ගිවිසුම'',  ''ඉන්දිනීසියාවේ කුඩා හා මධ්‍යම ව්‍යවසාය හා සමූපකාර සඳහා අළෙවි සේවා නියෝජිතායතනය (SMESCO) හා ශ්‍රී ලංකාවේ ජාතික ශිල්ප සභාව( NCCSL)  අතර සාම්ප්‍රදායික කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගිතව පිළිබඳ අවබෝධතා ගිවිසුම''  අත්සන් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya