අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා - ජනපති Featured

    මාර්තු 05, 2017

    උතුරු පළාතේ සංවර්ධනයට නව සැළැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යාංශ යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබ`ද සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් දෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කාල සටහන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද උපදෙස් දෙන බව කියා සිටියේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ "ජනපතිට කියන්න" වැඩසටහනේ ප‍්‍රථම ප‍්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (04) ආරම්භ කරමිනි.

    මෙම නව වැඩසටහන තුළින් උතුරේ ජනතාවගේ ගැටලූ සහ ප‍්‍රශ්න තමන් වෙත ඉදිරිපත් කිරීම තවදුරටත් පහසුවනු ඇති බව පැවසූ ජනාධිපතිතුමා රටක් ලෙස අප ඉදිරියට යා යුත්තේ සියලූ ජනතාවගේ ගැටලූ විස`දමින් එම සියලූදෙනා සමග අත්වැල් බැඳ ගනිමින් බව ද කියා සිටියේය.

    තමා ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අදාළ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිළධාරින් සමග උතුරට පැමිණ එම පළාත් මැති ඇමතිවරු සහ නිලධාරින් සමග පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබ`ද සොයා බලන බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
    රැකියා ඉල්ලා යාපනයේ උපාධිධාරින් පිරිසක් පසුගියදා නිරතවූ විරෝධතා ව්‍යාපාරය පිළිබඳවද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එම විරෝධතා නොපවත්වා අද දින තමා හමුවූයේ නම් ඒ පිළිබඳ වඩාත් සතුටට පත්වන බවයි.

    විරෝධතා, උපවාස සහ උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ අත්‍යාවශ්‍යම අවස්ථාවලදී බවත් නැතහොත් ඒවායේ වටිනාකම් පිරිහී යන බවත් පැවසූ ජනාධිපතිතුමා වත්මන් රජය සහ ජනතාව අතර බේදයක් ඇති කිරීමට අද උතුරේත්, දකුණේත් එක ලෙස යම් බලවේගයන් කි‍්‍රයාත්මක වන බව කියා සිටියේය.

    යුද්ධය අවසන් වී වසර 08 ක් ඉක්ම ගියද තවමත් රටේ ජනතාවගේ සිත් එකට එක්වී නොමැති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා වත්මන් රජයේ මෙම සෑම උත්සාහයක්ම එම බිඳුණු සිත් එකට එක් කරමින් යළි යුද්ධයක් ඇති නොවන පරිදි සියලු ජනතාව අතර සාමය සහෝදරත්වය ගොඩනැගීමට බව ද කියා සිටියේය.

    ජනාධිපති ධූරයේ වර්ෂයක් සපිරීම නිමිති කර ගනිමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා 2016 ජනවාරි 08 වනදා ,ජනපතිට කියන්න, වැඩසටහන හඳුන්වාදෙන ලදී.

    රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලූ, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායි ප‍්‍රතිචාර හා විසඳුම් ලබාදීමට පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණයි.


    මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ http://tel.president.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  යන ලිපිනයට විද්‍යුත් පණිවිඩයක් යොමු කිරීම මඟින් හෝ තැපැල් පෙට්ටිය අංක 123, කොළඹ යන ලිපිනයට ලිපි එවීම මගින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ,ජනපතිට කියන්න, වැඩසටහන හරහා ලබා දී තිබේ.
    02
    ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරික්ෂා කෙරෙන අතර. එහිදී එම පැමිණිලි/ දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලැබේ.

    දැනට ,ජනපතිට කියන්න, වැඩසටහන වෙත ලැබී ඇති පැමිණි සංඛ්‍යාව 109,826 ක් වන අතර එයින් විසඳා අවසන් කළ පැමිණිලි සංඛ්‍යාව 35,999 කි. විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 58,273 ක් වන අතර පරික්ෂා කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව 9771 කි.
    උතුරු පළාතේ ජනතාවට සිය දුක්ගැනවිලි, පැමිණිලි, අදහස් හා යෝජනා අද විවෘත කෙරුණු නව කාර්යාලයට පැමිණ බාරදීමේ හැකියාව අද සිට හිමි වේ. මෙම කාර්යාලය සඳහා ජනාධිපති කාර්යාලයේ නිලධාරින් අනුයුක්ත කර ඇති අතර ගැටලූ සඳහා ප‍්‍රතිචාර එම කාර්යාලයෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී.
    නව කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි කටයුතු ද අධීක්ෂණය කරනු ලැබීය.
    කීරමලේ හා වල්ලායි ප‍්‍රදේශවල ඉඩම් නිදහස් කර දීමෙන් අනතුරුව එම ජනතාව වෙනුවෙන්් ඉදිකර දුන් නිවාස 10 ක යතුරු නිවාසලාභීන් වෙත ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
    අමාත්‍ය මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, යාපනයේ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන එම්. සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, මාවෙයි සේනාධිරාජා, අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතු`ථ ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya