අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අගවිනිසුරු ලෙස ප‍්‍රියසාද් ඩෙප් මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි Featured

    මාර්තු 02, 2017

    නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    2007 සිට 2011 දක්වා රජයේ සොලිස්ටර් ජනරාල් ධූරය හොබවා ඇති ප‍්‍රියසාද් ඩෙප් මහතා, වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කිහිපවරක් කටයුතු කර ඇත.

    දිවුරුම්දීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් යන මහත්වරුන් සහ ප‍්‍රියසාද් ඩෙප් මහතාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya