අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    මාර්තු 02, 2017

    කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඉයේ (01) පෙරවරුවේ පැවැත්විණි.

    ඊයේ පෙරවරුවේ විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.

    විද්‍යාලයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන අධ්‍යාපනික හා වෙළෙද ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. අනතුරුව ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.

    අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුථ පළාත් මැති ඇමතිවරු පිරිසක් ද, විදුහල්පතිනි හේමා වික්‍රමරත්න මහත්මිය සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya