අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණ කටයුතු වේගවත් කිරීමට පියවර

    පෙබරවාරි 28, 2017

    පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලුද විසඳීම සඳහා තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම් විධිමත්ව සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බව පෙන්වා දුන්නේය.


    බුදුරුවගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිත නව සංචාරක සැලැස්ම එළි දැක්වීමේ සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පසුගියදා සඳහන් කළේය.

    එම අවස්ථාවට හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න , ම‍ධ්‍යම සංස්කෘතික අරමුදලේ අ‍‍‍ධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya