මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජික පිරිසක් ජනපති හමු වෙයි

    පෙබරවාරි 24, 2017

    සැබෑ මිත‍්‍රයෙක් ලෙස චීනය ඉදිරියටත් ශී‍්‍ර ලංකාව සමග සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝ පවසති.

    චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සභාපති Song Tao මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක්  ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළහ.

    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත්, චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන සබඳතා ඉදිරියේදී තවත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා පක්ෂ දෙක අතර නිලධාරී මට්ටමේ හමුවීම් ඉදිරියේදී ඉහළනංවා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

    ලබන ජූනි මාසයේ චීනයේ පැවැත්වෙන සම්මන්ත‍්‍රණයක් සඳහා ද මෙහිදි චීන කොමියුනිස්ට් පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නියෝජිත පිරිසකට ආරාධනා කරනු ලැබීය.

    ශී‍්‍ර ලංකා නිදහස පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර සබඳතා ඉහළ නංවා ගැනීම දෙරටේ සබඳතාවලට ද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිරිසිදු දේශපාලන පක්ෂයක් ලෙස ගොඩනගමින් යහපත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යාම තම අරමුණ බව ද කියා සිටියේය.

    එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනය ලබාදෙන සහය කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා එම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටේ ආර්ථිකය ගොඩනැගීමට විශාල දායකත්වයක් ලබාදෙන බවත් චීන – ශී‍්‍ර ලංකා සබඳතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීම වත්මන් රජයේ අරමුණ බවත් කියා සිටියේය.

    තම ඉල්ලීම පරිදි චීන රජයේ ආධාර යටතේ ශී‍්‍ර ලංකාවේ ඉදිකෙරෙන වකුගඩු රෝහලේ ඉදිකිරීම් මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජාතින් අතර සහයෝගය ඉහළ නංවා ගනිමින් ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අගය කළ චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් චීන ආධාර යටතේ ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙයාම පිළිබඳව ද ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya