මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තාක්ෂණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ Featured

    පෙබරවාරි 23, 2017

    කොරියානු රජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා එක් වූ අතර ශ්‍රි ලංකා රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අත්සන් කළ අතර කොරියානු රජය වෙනුවෙන් කොරියානු ජනරජයේ විශේෂ නියෝජිත  ලී ඩොන් කියු (Lee Dong Ku) මහතා අත්සන් කළේය.

     

    මෙම විද්‍යා පීඨය මාස 18ක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට නියමිත අතර මේ සඳහා කොයිකා ආයතනයෙන් රුපියල් මිලියන 1911ක ප්‍රදානයක් සිදු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     

    අනාගත වැඩලෝකයට ගැළපෙන තාක්ෂණ හැකියාවෙන් පරිපූර්ණ ශ්‍රමබළකායක් ඇති කර ගැනීමේ ජාතික අවශ්‍යතාව රජය හොඳින් හඳුනාගෙන සිටින අතර දැනටමත් පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙමින් පවත්නා තාක්ෂණවේදය විෂය ධාරාව වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් ම වෙන් වූ  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක් මේ දක්වා නොපැවති බවත් කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මඟින් ඉදිරියේ දී එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya