මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ජනපති හමු වෙයි

    පෙබරවාරි 22, 2017

    පරිසරය සුරකිමින්, ආර්ථිකය නංවමින්, විදුලි ක්ෂේත‍්‍රය ගොඩනගන ඉදිරි මග පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර සාකච්ඡාවක් ඊයේ (21) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    අනාගතයේ දී බලාගාර ඉදිකළහැකි ස්ථාන සැලසුම් කිරීම, ජල විදුලියෙන් පසු ඊළඟ පියවර ලෙස විශාල පරිමාණයේ සුළං බලාගාර කරා ගමන් කිරීම වැනි කරුණු පිළිබඳව මෙහිදී ඉංජිනේරු සංගමය දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.

    ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම්කරණ අඩු වියදම් බලාගාරවලට එරෙහිව අන්තගාමී බලවේගවලින් එල්ල වී ඇති අභියෝග පිළිබඳව ද ඉංජිනේරු සංගමය වෙතින් කරුණු ඉදිරිපත් කෙරිණි.

    එමෙන්ම ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත බලශක්ති විශේෂඥයන්ට ඇහුම්කන් දෙමින් ඉදිරි සැලසුම් කි‍්‍රයාවට නැංවීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් ඉංජිනේරු සංගමයේ නිලධාරීහු ලංකා විදුලි බල මණ්ඩලයේ දිගුකාලීන ජනන සැලසුම් පිළිබඳව ද ඉදිරිපත් කිරීම් සිදු කළහ.

    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී. පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඩී.එස්. විජේපාල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya