අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට සංවර්ධනයේදී රටේ දේශපාලඥයා අතර මෙන්ම රාජ්‍ය නිලධාරියා අතර ද පොදු එකඟතාවයක් පැවතීම ඉතා වැදගත්

    පෙබරවාරි 17, 2017

    රාජ්‍ය කටයුතුවල නියුතු දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, ඊට අදාළ නිලධාරීන්, සංවිධාන හා ආයතන සියල්ල තම කාර්යය භාරය හා වගකීම විවෘතව සිදුකළ යුතු යන්න තොරතුරු පනතින් හෙළිදරවු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවුසවේ, අද (17) පෙරවරුවේ අරලියගහ මන්දියේදී පැවති තොරතුරු පනත ජනගත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි. 

     

    එහිදී ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, මෙම පනත මගින් රහස්‍ය භාවය සුරක්ෂිත කළ යුතු අංශ පෙන්වා දී ඇති බවයි. විශේෂයෙන් ජාතික ආරක්ෂාව වැනි කරුණු මේ අතර වන බවයි.  අප විසින් සිදු කරණු ලබන සංවර්ධන කටයුතු, පොදු මහජන සේවාවන්, රාජ්‍ය පැවැත්ම සඳහා ගනු ලබන තීරණවල විවෘත භාවය ඉතාමත් වැදගත් වන බවද එහිදී ජනාධිපතිතුමන් අවධාරණය කරනු ලැබීය. එතුමා තවදුරටත් පැවසුවේ, සියල්ලෙන් ම නිදහස්ව සිටීමත් නිදහස්ව කටයුතු කිරීමත් තෘප්තිමත් මනසකින් ද නිදහස් මනසකින් ද සතුටින් කෙනෙකුට කටයුතු කිරීමට ලැබෙන අවස්ථාවක් වන බවයි.

    යම් අපරාධකරුවෙකු යම් අපරාධයක් සිදුකර  නීතියේ රැහැනට හසු නොවී බේරුනද ඔහු ජීවිත කාලය පුරා ඒ වෙනුවෙන් විදවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, තමන් විසින් යම් දූෂණයක්, වංචාවක්, හොරකමක් කළොත් එය තමන්ට මුළු ජීවිත කාලයට ම විශාල බරක් වනු ඇති බවයි. ඒ සියල්ලෙන් කෙනෙක් ඉවත් වෙනවා නම් නිදහස් මනසකින්, සතුටකින්, කටයුතු කිරීමේ මානසිකත්වයක් ඔහුට ඇති වන බවයි. මේ තත්ත්වය මිනිසෙක් තුළ තිබිය යුතු තමාගේ ජීවිත කාලය තුළ තමා ලබාගත යුතු ඉතාමත් වාසනාවන්ත අවස්ථාවක් වන බව ද ජනාධිපතිතුමන් එහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමන් වැඩිදුරටත් පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ ඇති දෑ අප රටට, ජනතාවට දායාද කළ යුතු බවයි. අපට අවශ්‍ය විවෘත බව වගේම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, දැනට සිදු කර ඇති කටයුතුවල විනිවිද බව හා විවෘත භාවය ඉතා වැදගත් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, මේ රටේ දැනට විනය පිළිබඳ ව ගැටලුවක් පවතින බවයි. දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, පොදු ජනතාව දක්වා මෙම ප්‍රශ්නය පවතින බව පැවසූ එතුමා සෑම කෙනෙක් තුළ ම කළ නොකළ යුතු දෑ පිළිබඳ ව අවබෝධයක් පවතින බව පැවසීය. ඒත් ඇතැමුන් කළ යුතු දේ කරන අතර, ඇතැමුන් නොකළ යුතු දේ  සිදු කරන බවද එතුමන් පෙන්වා දුන්නේය. 

    අද පවතින ආණ්ඩුව මේ රටේ ජනතාව පත් කර ගත්තේ මීට පෙර පැවති ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්න නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, අප තුළින් ඊට වඩා වෙනස් ආණ්ඩුවක් ජනතාව අපේක්ෂා කළ බවයි. මේ වෙනස් බව පැහැදිලි කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හා ආණ්ඩුව කරවන්නන්ගේ අවංක, විවෘත භාවය හා කැපවීම විශේෂ වන බවයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය හා රාජ්‍ය නිලධාරි සංස්කෘතිය අතර පවතින ප්‍රශ්නය නම් දෙපාර්ශය අතර ඇති එකඟතාවය කොතෙක් ද යන්නයි.

    මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, “ඒ තුළ පිරිහීමක් තියෙනවා. දේශපාලඥයා හා රාජ්‍ය නිලධාරීය අතර තිබිය යුතු එකඟතාවය රට සංවර්ධනය කිරීමේදී ශක්තිමත් දන්වැලක් ලෙස ක්‍රියාත්මක කළ යුතු වේ. මේ බෙදීම රටට විශාල බලපෑමක්. ලෝකයේ සංවර්ධිත රටවල දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් අතර ඇති එකඟතාව හා හික්මීම, විනය ගරුක බව ඒ රටවල හොද තැනක පවතිනවා. මෙම තත්ත්වය අපේ රටේ පාර්ශව දෙකක් හැටියටයි දක්නට ලැබෙන්නේ. මෙය රාජ්‍ය කටයුතුවල විවෘත භාවයට හානියක්. එ‍සේ හෙයින් දේශපාලඥයා හා රාජ්‍ය නිලධාරියා අතර ශක්තිමත් පවුරක් ‍‍ගොඩනැංවිය යුතු බව ජනාධිපතිවරයා තවදුරටත් එහිදී පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya