අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතා ගත වෙයි - නිල මහෝත්සවය අභිමානවත්ව පැවැත්වෙයි

    පෙබරවාරි 17, 2017

    තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබාදීමේ ඓතිහාසික නිල මහෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    එහිදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තොරතුරු දැනගැනීම ජනතාගත කෙරෙන නව වෙබ් අඩවිය එලිදැක්වීම ද සිදු කෙරිණි.

    තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කරන දිවයින පුරා පිහිටි සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරන තොරතුරු නිලධාරීන් දෙදහසක් පමණ මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

    තොරතුරු නිලධාරීන් වෙනුවෙන් සිදු කළ ප්‍රධාන දේශනය තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ අමාත්‍ය උපදේශක පියතිස්ස රණසිංහ මහතා විසින් සිදු කළේ ය.

    අතිපූජ්‍ය මහා සංඝරත්නය,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා මහතා, වජිර අබේවර්ධන මහතා, නියෝජ්‍ය අමාත්‍ය  රන්ජන් රාමනායක මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  නීතිඥ නිමල් බෝපගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසක්  නිල මහෝත්සවය සඳහා සහභාගී වී සිටියහ.

     

    ari5

     

     

    arti2

     

    arti3

     

    arti4

     

    ඡායාරූප- ලක්සිරි අල්විස්

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya