අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය සාගරය තුළ සාමය සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා සමුළුවක් කැඳවීම උදෙසා ශ්‍රී ලංකාව මූලිකත්වය ගැනීමට සූදානම්

    පෙබරවාරි 17, 2017

    ඉන්දීය සාගරය තුළ සාමය සහ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීමේ අරමුණින් සියළු පාර්ශවයන්ගෙන් සැදුම් ලත් සමුළුවක් කැඳවීම උදෙසා ශ්‍රී ලංකාව මූලිකත්වය ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    16 වන දා රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ විශේෂ ආරාධිතයන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයේ මුඛ්‍ය දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඉන්දීය සාගරය තුළ ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා ඇති හොඳම මග එහි යාත්‍රා කෙරෙන හමුදා නෞකා සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකස් කිරීම බවයි.

    ඒ අතරම ඉන්දීය සාගර කලාපය තුළ මතුවී එන සමුද්‍ර ත්‍රස්තවාදය පිළිබඳවත් දැඩි අවධානයක් හා සැළකිල්ලක් යොමු කළ යුතු බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, කොටි සංවිධානයේ මුහුදු ත්‍රස්තවාදයට වඩා ඔබ්බෙන් ගොස්ල දැන් වෙළඳ නෞකාවන් පැහැර ගැනීම දක්වා සමුද්‍ර ත්‍රස්තවාදය පණගැන්වෙමින් එන බවද පැවසීය.

    මේ සියළු සාධක හා කරුණු සැලකිල්ලට ගනිමින් ඉන්දීය සාගරය සාම කලාපයක් බවට පත් කරලීම සඳහා සුවිශේෂ යාන්ත්‍රණයක් නිර්මාණය කරගත යුතු බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා ඉන්දීය සාගරයට යාබද රටවල්ල එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්‍ෂක මණ්ඩල සාමාජික රටවල් සහ ප්‍රධාන නාවික ආයතන එක්ව සම්මේලනයක් පැවැත්වීමට යෝජනා කරන බව ද පැවසීය. එමගින් සියළු පාර්ශවයන් අතර අවබෝධයක් හා සම්මුතියක් ඇති කරගැනීමේ පදනම නිර්මාණය වන බවද
    වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙල්බර්න් නුවර ෆෙඩරල් චතුරස්‍රයේ ඩීකින් එජ් ශාලාවේ පැවැති මෙම දේශනයට සවන් දීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ල නීතිවේදීන්ල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලූ විද්‍යාර්ථයින් රැසක් සහභාගි වී සිටියහ.

    ''ඉන්දියන් සාගර කලාපයේ නිදහස් නාවුක සංසරණය” යන තේමාව යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය මුඛ්‍ය දේශනය පැවැත්වීයග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර මෙම දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබුණේ ඩීකින් විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ජෝන් ස්ටැන්හෝප් මහතා විසිනි.

    ඒ අනුව ඉකුත් 16 වන දා එම මුඛ්‍ය දේශනය පැවැත්වීමට ෆෙඩරල් චතුරස්‍රය පිහිටි නීති විද්‍යාල ප්‍රධාන ශාලාවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීති විද්‍යාලයේ පීඨාධිපති සන්දීප් ගෝපාලන් මහතා විසින් පිළිගන්නා ලදී.

    ඉන් අනතුරුව සැමගේ ආචාර මධ්‍යයේ ප්‍රධාන ශාලාව වෙත කැඳවා ගෙන ආ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රධාන දූත පිරිස එහි අසුන් ගැන්වීමෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණ.

    අනතුරුව මුඛ්‍ය දේශනනය පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රධාන
    පීඨීකාව වෙත ආරාධනය කරනු ලැබුවේ ඩීකින් විශ්ව විද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය ජේන් ඩෙන් හොලැන්ඩර් මහත්මිය විසිනි.

    උත්සවයේ වැඩ කටයුතු අවසන් කරමින් ස්තූති කතාව කළ නීති විද්‍යාලයේ පීඨාධිපති සන්දීප් ගෝපාලන් මහතා ප්‍රකාශ කර සිටියේ වික්‍රමසිංහ මහතා පැමිණ සිටි සියල්ලන්ගේම අවධානය නව දිශානතියකට යොමු කරමින් විශිෂ්ඨ දේශනයක් පැවැත්වූ බවය.

    ඩීකින් විශ්ව විද්‍යාලයේ කුලපති ජෝන් ස්ටැන්හෝප් මහතා සහ මහත්මියල උපකුලපතිනි ජේන් ඩෙන් හොලැන්ඩර් හා ආචාර්ය ජෙරෙන් ඩෙන් හොලෙන්ඩර් මහත්ම මහත්මීන් ප්‍රධාන විද්‍යාර්ථීන් හා විශේෂ ආරාධිතයන් 700 කට අධික පිරිසක් මේ දේශනය සඳහා සහභාගී වූහ.

    වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාල වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංගල විදේශ කටයුතු නියෝජය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාල අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඔස්ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් සහ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඩබ්ලිව්ග ජීග එස්ග ප්‍රසන්න යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya