මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සයිටම් ආයතනය පිළිබඳ ගැටලු විසඳීමේ ක්‍රමවේද සහිත වාර්තාවක් දෙසතියකින් සෞඛ්‍ය ඇමැතිට

    පෙබරවාරි 16, 2017

    මහා බ්‍රිතාන්‍ය ප්‍රධාන සංඝනායක පුජ්‍ය පහළගම ශ්‍රී සෝමරතන නාහිමියන්ගේ "ජිවිතයට සතුට” කෘතිය එළිදැක්වීම ඊයේ (15) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.

    කොට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභවේ මහානායක හිමිපාණන් ඇතුලු මහාසංඝරත්න මුලසුන හෙඹ වූ මෙම උත්සවයේ දී කතුවරයා විසින් කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්වීම ද සිදු කරන ලදි. මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ මෙම කෘතියෙන් බුදු දහමට අනුව සාමාන්‍ය ගිහි ජනතාව සතුටින් ජිවත්විය යුතු ආකාරය නිර්මාණශීලීව පෙන්වා ඇති බවයි.

     

    උත්සවයෙන් පසු මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

     

    "සයිටම්”  ආයතනය පිළිබඳ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමඟ මම අද දහවල් විශේෂ සාකචිඡාවක් පැවැත්වූවා. එහිදී "සයිටම්”  ආයතනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණා. එම කරුණු දෙක පිළිබඳ වෛද්‍ය පීඨ පිඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් මට ලබාදීමට ඔවුන් පොරොන්දු වුනා. මෙම ප්‍රශ්ණය විසඳීම සඳහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිබෙනවා. මෙරට විශ්වවිද්‍යාල සමතුන්ගෙන් සියයට 17 ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. සියයට 83 කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුලු විවෘත කළ යුතුයි. ඒ සදහා කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන අතර, රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පුළුල් කිරීමට ද කටයුතු කරනවා.”

     

    මෙම අවස්ථාවට සුසිල් ප්‍රේමජයන්ත, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුලු අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya