අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්මුතිවාදී ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙළට ඔස්ට්‍රේලියානු විපක්ෂ නායකගේ ප්‍රසාදය Featured

    පෙබරවාරි 16, 2017

    ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුව ජාතීන් අතර සමගිය හා සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙළ පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක බිල් ෂෝට්න් (Hon. Bill Shorten) මහතා පැවසීය.

    ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආසියා ශාන්තිකර කලාපයේ ආණ්ඩු කරවන දේශපාලන පක්‍ෂවල පමණක් නොව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරකින අනෙකුත් දේශපාලන පක්‍ෂ සියල්ලගේමත් අදහස් සැලකිල්ලට ගෙන කලාපයට සරිලන නව අකෘතියක් සැලසුම් කළ යුතු බවයි.

    කලාපයේ අනාගත සමෘද්ධිය සහ ප්‍රගතිය සඳහා එවැනි ආකෘතියක් දැඩි ලෙස අවශ්‍ය වන බවත්, ඒ පිළිබඳ සැලකිල්ල යොමු කරන බවත් බිල් ෂෝට්න් (Hon. Bill Shorten) මහතා ප්‍රමුඛ දූත පිරිස පැවසූහ.

     

    යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට යළි නැගී සිටීම සඳහාත්, ඔවුන්ගේ පෑරුණු සිත් සුවපත් කරලීම සඳහාත් අනුගමනය කෙරෙන ක්‍රියා මාර්ගයන් පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

     

    වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ඉතා සැලකිල්ලෙන් යුතුව, යුද්ධයෙන් පීඩාවත් පත් වූවන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බවයි.

     

    වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් හිමාලී අරුණතිලක, මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක චන්දන වීරසේන, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකාරක තුෂාර වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවන්ට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya