අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක ආකර්ෂණීය ලෙස සීගිරිය සංරක්ෂණයට වි‍ධිමත් පියවර

    පෙබරවාරි 16, 2017

    සීගිරියේ අතීත උරුමය ද ආරක්ෂා කරමින් සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරින් විශේෂ සං‍රක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මහතා පවසයි.

    නව තාක්ෂණය උපයෝගී කරගනිමින්,මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නව මධ්‍යස්ථානය සහ ඉ - සේවාව විවෘත කිරීමේ අවස්‍‍ථාවට ප්‍රධාන ආරා‍‍‍ධිත අමුත්තා ලෙස එක්වෙමින් පසුගිය දා  සීගිරියේ දී අ‍මාත්‍යවරයා මේ අදහස් පළ ක‍ළේය.

     

    දෙස් විදෙස් සංචාරකයින්ගේ සුවිශේෂ අවධානය යොමු වූ ඓතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුමයක් වන  සීගිරිය සංරක්ෂණ කටයුතු සඳහා විධිමත් හා විද්‍යාත්මක ක්‍රමවේදයන් හදුන්වාදීමටත්, නවීන තාක්ෂණය හා නවීන උපකරණ භාවිතා කිරීමටත්, මතුවන අවශ්‍යතා අනුව විදේශීය විශේෂඥ උපදෙස් ලබාගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් හා මඟපෙන්වීම ලබා දී තිබෙනවා. එසේම අතීත පෞරාණික උරුමයන් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමට මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ද මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරා විද‍‍්‍යා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කොට තිබේ.

     

    සීගිරිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමේ දී ඇතිවන අපහසුතා සහ තදබදය වළක්වාලීමේ අරමුණින් සහ සංචාරක පහසුකම් අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් අන්තර්ජාලයෙන් අදාළ ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමට අවස්ථාව ඒ අනුව මේ වනවිට ක්‍රියාත්මකයි. අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කරන මෙම ප්‍රවේශ පත්‍ර මාස තුනක කාලයක් සඳහා වලංගු වේ. සංස්කෘතික වටිනාකමක් සහිත ස්ථාන නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් විදේශීය සංචාරකයන්ට මෙරටට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර ඇණවුම් කිරීමේ පහසුව සලසාදීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ඉ- සේවා ව්‍යාපෘතිය සඳහා පූර්ණ තාක්ෂණික සහය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ලබා දී තිබේ

    මෙම අවස්‍ථාවට ම‍ධ්‍යම සංස්කෘතික අරමුදලේ අ‍‍‍ධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරා විද‍‍්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya