අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය ජාල නතර කිරීමට හෝ පාලනය කිරීමට රජයේ කිසිම අවධානයක් යොමුව නෑ - අමාත්‍ය ගයන්ත කරුණාතිලක Featured

    පෙබරවාරි 15, 2017

    සමාජ  මාධ්‍ය ජාල නියාමනය කිරීමට, නතර කිරීමට හෝ  පාලනය කිරීමට රජයේ කිසිම අවධානයක් යොමුව නැතැයි සම කැබිනට් ප්‍රකාශක,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    සමාජ  මාධ්‍ය ජාල නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් තිබේදැයි මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා :
    සමාජ  මාධ්‍ය ජාල  නියාමනය කරන්න ක්‍රමවේදයක් ලෝකයේ තිබෙනව කියා සිතන්නේ නෑ. ඒවා පරිහරණය කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කරන එකයි අපිට කරන්නට තිබෙන්නේ. ඒවා නතර කිරීමටවත් පාලනය කිරීමටවත් රජයේ කිසිම අවධානයක් යොමු වී නෑ.එසේ නියාමනය කිරීමක්  නෑ. ජනතාව දැනුවත් කිරීමක් පමණයි සිදු කරන්නට තිබෙන්නේ.විනිවිද පාලනයක් තිබෙන නිසයි තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාව ලබාදුන්නේ යැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya