මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අගමැති සහ ඔස්ට්‍රේලියානු අගමැති විශේෂ පුවත් සාකච්ඡාවකට එක්වෙයි Featured

    පෙබරවාරි 15, 2017

    ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතීතයේ සිට මේ දක්වා ක්ෂේත්‍ර‍ ගණනාවක් තුළ ඉතා මිත්‍රශීලීව සහ අවබෝධයෙන් ක්‍රියා කරන බවත්, දෙරට ප්‍රතිවාදීව ක්‍රියා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දී පමණක් බවත්, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcolm Turnbull) මහතා පැවසීය.

    ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (15) පැවති විශේෂ පුවත් සාකච්ඡාවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහභාගී වෙමින් ටර්න්බුල් මහතා අවධාරණය කළේ ආර්ථික, අධ්‍යාපන, ආයෝජන, තාක්‍ෂණ, බලශක්ති ආදී ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා සබඳතා තවත් පුළුල් කරලීම තමන්ගේ අපේක්‍ෂාව බවය.

     

    ශ්‍රී ලංකාව වෙත දක්වන මිත්‍රශීලී සහයෝගය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාව වෙත සිය කෘතඥතාව පළ කළේය. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලද වැදගත් අගයයන්, නිදහසින් පසුව දේශීය අනන්‍යතාවක් සහිතව වැඩි දියුණු කරලීම සඳහා දෙරටම කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    අනාගතයේදීත් දෙරටේ මිත්‍රත්වය තව තවත් වර්ධනය කර ගනිමින්, එකට එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍යවරු දෙපළ අවධාරණය කළහ.

     

    මිනිස් ජාවාරම්කරුවන්ට හසුව ඔස්ට්‍රේලියාවට පැමිණීමට උත්සාහ කොට, දැන් නීති විරෝධී සංක්‍රමණික කඳවුරු වල සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස වික්‍රමසිංහ මහතා විවෘත ආරාධනයක් කළේය.

     

    මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලටද අග්‍රාමාත්‍යවරු පිළිතුරු සැපයූහ.

     

    (සම්පූර්ණ මාධ්‍ය හමුව  http://parlview.aph.gov.au/mediaPlayer.php?videoID=340297&operation_mode=parlview ඔස්සේ නැරඹිය හැකිය.)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya