අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්ෂි කාච මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණයට

    පෙබරවාරි 14, 2017

    ලබන සතියේ සිට අක්ෂි කාච මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර මුද්‍රණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් සෞඛ්‍ය ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

    රුපියල් 30,000 කට පමණ දැනට අලෙවි වන අක්ෂි කාචයක් මිල නියාමනය කිරීමෙන් පසු රුපියල් 8,000 කට මිලදි ගැනීමට රෝගීන්ට අවස්ථාව උදාවනු ඇති.

    "හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) හම්බන්තොට නව පරිපාලන ගොඩනැගිල්ලේ දී පැවැත්විනි.  එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.
     
    අක්ෂි කාච මිල නියාමනය කිරීමෙන් ආනයනික සමාගම් වලට අසාධාරණයක් සිදුවන්නේ නැහැ. ඖෂධ මිල තවත් පාලනය කරනවා. පෞද්ගලික රෝහල්, නර්සිං හෝම්, රසායනාගාර සේවා ගාස්තු ද මිල ඉදිරියේ දී නියාමනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. බෝනොවන රෝග පාලනය කිරීම සදහා සීනි, ලුණු, මේදය සහිත ආහාරවලට වැඩි බදු පැනවීමේ ක්‍රමයක් සාකච්ඡා කර තිඛෙනවා. පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දුන්නා. ඉන් පසු එම පැණිබ්ම භාවිත කරන තරුණ පරම්පරාව ඉතාම අවදියෙන් කටයුතු කරනවා. ඊට එරෙහිව බහුජාතික සමාගම් බලපෑම් එල්ල කළා. බොනොවන රෝග ගෝලීය ප්‍රශ්ණයක්. පරිවර්ථනයන් සිදු කිරීමේ දී අර්බුද ඇති වෙනවා. ප්‍රශ්ණ ඇති වෙනවා. දෝෂාරෝපණ එල්ල වෙනවා. ඒවාට මම බියවන්නේ නැහැ."

     

    මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, හිටපු කථා නායක චමල් රාජපක්ෂ මහතා, දකුණු පළාත් සභා විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya