අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විගමණික ශ‍්‍රමිකයින්ගේ විශ‍්‍රාම වැටුප කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරනවා - විදේශ රැකියා අමාත්‍ය

    පෙබරවාරි 13, 2017

    ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ලියාපදිංචි වූ විගමණික ශ‍්‍රමිකයින්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් ලබාදෙන වරප‍්‍රසාද ඉදිරියේදී තවත් පුළුල් කරන බවත් මේ වසර තුළ විගමණික ශ‍්‍රමිකයින් සඳහා විශ‍්‍රාම වැටුප කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

    අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන යටතේ, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති උත්සවයට පසුගියදා එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”2016 ජනවාරි 8 වෙනිදා සිට 14 වෙනිදා දක්වා විදේශ රැකියාවල නිරතවෙන අයගේ පවුලේ ඥාතීන්ට ලියාපදිංචි වෙන්න කිව්වම ලක්‍ෂ 15ක් විතර ඉන්න විගමණික ශ‍්‍රමිකයින්ගෙන් ලියාපදිංචි වුනේ 96000ක් විතරයි. සමහරු කිව්වා රට ඉන්න අයට බද්දක් පනවන්න යනවා කියලා,සමහරු කිව්වා සමෘද්ධිය කපන්න යනවා කියලා. ඉදිරියේදී ශ‍්‍රමික සුරැකුම වැඩසටහනේ ලියාපදිංචි වුණ අයට ලැබෙන වරප‍්‍රසාද වැඩිවෙනවා.

     

     අපි මේ අවුරුද්දේ විගමණික ශ‍්‍රමිකයින්ගේ විශ‍්‍රාම වැටුප කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත්,කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබාගෙන අවශ්‍ය කටයුතු කරන්න නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවටත්, භාණ්ඩාගාරයටත් ලබාදීලා තියෙනවා, විශ‍්‍රාම වැටුප ලබාදෙනකොට ශ‍්‍රමික සුරැකුම වැඩසටහනේ ලියාපදිංචිය අපි බලනවා.

    ඒ වගේම සමහරු හිතනවා අවුරුදු 10ට විතර කලින් රට ගිහින් ආවමත් මේ විශ‍්‍රාම වැටුප ලබාදෙනවා කියලා නමුත් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවසේ පිටරට වැඩකරන අයට තමයි ඒකේ හිමිකම ලැබෙන්නේ. ගාමිණි දිසානායක හිටපු ඇමතිතුමා ඇලවේලි බැඳලා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට ජලය දීලා ජනපද පිහිටවනකොට එහි ජනතාව පදිංචි කරන්න කටයුතු කකළේ, එවකට මහවැලි ඇමතිවෙලා හිටිය මගේ සහෝදරයා. අපි ඒ දවස්වල මෙහෙට එනකොට මේ ප‍්‍රදේශ කැලෑබද ප‍්‍රදේශ. නොයෙකුත් ප‍්‍රශ්න තිබුණ යුගයක තමයි අපි ආවේ. වැලිකන්ද වැනි ප‍්‍රදේශ කාලයක් අමතක කරලයි තිබුණේ. අරලගංවිල උත්සවයකට ජනාධිපතිතුමාත් එක්ක එනකොට එතුමා කිව්වේ පොළොන්නරුව ගෙනාවේ හම්බන්තොට හරක් ටික විතරයි කියලා. අපි ජනාධිපතිතුමාව ජයග‍්‍රහණය කළෙත් මේ රටේ වෙනසක් ඇති කරන්න. කොටසකට අයිති වෙලා තිබුණ දේවල්, කොටසක් භූක්ති විඳපු දේවල් ජාති ආගම් භේදයකින් තොරව මේ රටේ
    හැමකෙනාටම ලැබෙන්න කටයුතු කරන්නයි අපිට  ඕනි වුණේ. ඒ ගැන අද අපි සතුටු වෙනවා. මේ රටේ එක පැත්තක් විතරක් සංවර්ධනය කරන්න. එක පැත්තක මිනිස්සුන්ට විතරක් අයිතිවාසිකම් ලබා දෙන්න අපි සූදානම් නෑ යනුවෙන් අමාත්‍යවරිය සඳහන්  කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya