අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප‍්‍රථම දෙමුහුන් විදුලි බලාගාරය අද විවෘත වෙයි

    පෙබරවාරි 10, 2017

    ශ්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ස්ථාපිත කරන ලද දෙමුහුන් විදුලි බලාගාරය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (10) යාපනය එළුවාතිව්හිදී විවෘත කිරීමට නියමිතය.

    කිලෝවොට් 60ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරය, සුළං, සූර්යබලය සහ ඞීසල්  යොදාගනිමින් විදුලිය නිපදවනු ලබයි. වර්ග කිලෝමීටර් 1.7 ක පමණ භූමි ප‍්‍රමාණයකින් සමන්විත  එළුවාතිව් දූපතේ 787ක පමණ ජනගහනයක්  ජීවත් වෙති.

    එනම් පවුල් 191 පමණ වන මෙම ජනතාව නිවාස 120ක ජීවත් වෙති. ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, වෙළඳාම මෙන්ම රජයේ සේවය කරන්නන්ද මොවුන් අතර වේ. ඔවුන්ගේ දෛනික අවශ්‍යතාවන් සඳහාවන විදුලිය මෙතෙක් නිපදවනු ලැබුවේ ඩීසල් විදුලි උත්පාදක යන්ත‍්‍ර යොදාගනිමිනි.

    ආසියානු සංවර්ධන බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ආධාර මත, හරිත බලශක්ති ප‍්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් ස්ථාපිත කරනලද මෙම දෙමුහුන් බලාගාරය වෙනුවෙන් වැයවූ සමස්ත වියදම රු.මිලියන 187 ක් ලෙස ගණන් බලා තිබේ. එසේම මෙම දෙමුහුන් බලාගාරය මගින් නිපදවනු ලබන එක් විදුලි ඒකකයක් සඳහාවන පිරිවැය, රු. 9.14ක් පමණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya