මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා රජයේ කිසිදු තනතුරක් හොබවන්නේ නැහැ

    ජනවාරි 24, 2017

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා රජයේ තනතුරක් තවමත් හොබවන බවත් ඔහු අග්‍රාමාත්‍යවරයාගේ විදේශ සංචාරවල පවා සහභාගි වන බව ඇඟවීමට සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති ප්‍රකාශය මඟින් පැරණි දර්ශන කිහිපයක් උපයෝගී කර ගනිමින් ජනතාව නොමඟ යැවීම සඳහා වංචනික උත්සාහයක යෙදෙන බව පෙනේ.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ රජයේ කිසුදු තනතුරක් මේ වන විට නොදරන බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුමේදී ප්‍රකාශ කර තිබියදීත් පැරණි දර්ශන හා පුවත්පත් නිවේදන හුවා දක්වමින් පළ කරන සාවද්‍ය ප්‍රවෘත්ති පාර්ලිමේන්තුවට කරන අපහාසයක් ද වේ.

    පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා සහභාගිවූ ස්විට්සර්ලන්ත චාරිකාවට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහභාගි නොවූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

    මෙවැනි අසත්‍ය තොරතුරු වාර්තා කිරීම මාධ්‍ය සදාචාරය පමණක් නොව විද්‍යුත් මාධ්‍යයේ නෛතික බැඳීම්ද උල්ලංඝන කිරීමකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya