අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෘද රෝග සැත්කම් ​සඳහා භාවිත කරන ස්ටෙන්ස්වල හිඟයක් නැහැ

    ජනවාරි 24, 2017
    කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝග සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස්වල (හෘදය වස්තුවට රුධිරය ඇතුළු පෝෂක කොටස් ගෙනයනු ලබන කිරීටක ධමනියේ ඇතිවන අවහිරතාවයන් මඟහැරවීම සඳහා යොදාගනු ලබන උපකරණය)  කිසිදු හිඟයක් නොමැති බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි. 
     
    ඊයේ (23) දිනයේ ද හෘද රෝග සැත්කම් සිදු කොට ඇති අතර, එහිදී භාවිත කරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් බව ඒ මහතා අවධාරණය කර සිටියි. 
     
    දිනකට සැත්කම් 10ක් පමණ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සිදු කරනු ලබයි. රෝගී ජනතාව වෙනුවෙන් මෙලෙස නොමිලේ ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ගත් ක්‍රියාමාර්ගය අගය කරන බව ද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා අවධාරණය කර සිටියි.  
    හෘද රෝග ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඇන්ජියෝ ප්ලාස්ටික් ශල්‍යකර්මය(Angio Plastic Surgery) සඳහා අවශ්‍ය 
     
    ස්ටෙන්ට්ස්, රෝගීන් විසින් පෞද්ගලික සමාගම්වලින් මිලදී ගෙන ශල්‍යකර්ම සිදු කර ගැනීම මෙතෙක් පැවැති ක්‍රමෙවේදයයි. එම ක්‍රමවේදය වහාම වෙනස් කර අවශ්‍ය ස්ටෙන්ට්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මීට ඉහත දී පියවර ගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya