අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේල් බස් සේවාව ව්‍යාප්ත කිරීමට පියවර

    ජනවාරි 18, 2017
    තදාසන්න නගර අතර පවතින මගී තදබදය අවම කිරීමේ අරමුණින් රේල් බස් සේවාව ව්‍යාප්ත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කර ඇත. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම රේල් බස් සේවාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර දැනටමත් දිවයිනේ විවිධ නගර අතර රේල් බස් සේවාව ක්‍රියාත්මකව පවතී.
     
    ත්‍රිකුණාමලය - ගල්ඔය, මඩකලපුව - ගල්ඔය, හලාවත - පුත්තලම, අනුරාධපුර - මැදවච්චිය, කුරුණෑගල - මහව, පේරාදෙනිය - මහනුවර, මහරගම - කොස්ගම යන නගර අතර මෙම රේල් බස් සේවාව ක්‍රියාත්මක වේ. මහනුවර සිට මාතලේ දක්වා ද රේල් බස් සේවයක් මීට සමගාමීව ආරම්භ වෙනු ඇත. 
     
    තදාසන්න නගර අතර මගී බස් සේවය ක්‍රියාත්මකව පැවතුණ ද දැඩි මගී තදබදයට විසඳුමක් ලෙස රේල් බස් සේවාව මේ වන විට සාර්ථකත්වයක් ලබා තිබේ. බොහෝවිට දුම්රිය ධාවනය නොවන අවස්ථාවලදී මගීන්ට ඉතා පහසුවෙන් ගමාගමන අවශ්‍යතාවයනන් මේ මගින් ඉටු කර ගත හැක. එමෙන්ම අඩු වියදම ද මගීන්ට මෙහිදී සහනයක් ලැබෙන අතර නගර අතර ඇති උප දුම්රිය ස්ථාන ඇතුළු සෑම දුම්රිය ස්ථානයකින්ම මෙම රේල් බස් සේවාව ලබා ගැනීම මගීන්ට තවත් පහසු කරුණකි. විශේෂයෙන් මගී ඉල්ලීම ද සලකා බැලීමෙන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුව මේම සේවාව ව්‍යාපත් කිරීමට කටයුතු කරයි. 
     
    විශේෂයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු නඩත්තු වියදමක් මේ සඳහා දැරීමට සිදුවේ. එමෙන්ම මැදිරි සහිත දුම්රිය එන්ජිමක් ධාවනය කිරීමට වැයවන ඉන්ධන වියදමට වඩා රේල් බස් සේවාව ධාවනය සඳහා අඩු ඉන්ධන වැයවීමක් හේතුවෙන් මෙම සේවාව දුම්රිය දෙපාර්තමේන්තුවට ද ලාභදායක වනු ඇත. 
     
    සතියේ දිනවලත් සති අන්තයේත් මාර්ග ධාවනයේදී නගර ආසන්නව විශාල තදබදයක් පවතින බව නොරහසකි. එහෙත් රේල් බස් සේවය එයට විකල්පයක් ලෙස ජනතාව අතර ජනප්‍රියව පවතී.
     
    මේ නිසාම ඉදිරියේදී මගී තදබදය තියෙන තදාසන්න නගර අතර රේල් බස් සේවය ව්‍යාප්ත කිරීමට අදාළ සැලසුම් සකස් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ දුරට කාර්යාල සේවකයන්ට නියමිත වෙලාවට කාර්යාල වෙත ගමන් කිරීමටත්, ආපසු නිවෙස්වලට යාමත් රේල් බස් සේවාව විශාල පිටිවහලක් වී ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. එමෙන්ම අඩු ගාස්තුවක් අයකිරීමද ජනතා ඉල්ලීම් වැඩිවීමට හේතුවී ඇත.
     
    පේරාදෙනිය සිට ගම්පොළ දක්වා ආරම්භ කළ රේල් බස් සේවාවේ ප්‍රථම ගමනාරම්භය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ හා මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙනිය දුම්රිය ස්ථානයේ දී සිදු කෙරිණ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya