අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය අද

    ජනවාරි 10, 2017
    පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකනය "උත්තමාභිවන්දනා" කැප්පෙටිපොළ විරු සැමරුම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
    කැප්පෙටිපොළ දිසාවේ ඇතුළු විරුවන් 19 දෙනෙකු ඉංග්‍රීසි පාලකයින් විසින් දේශද්‍රොහීන් ලෙස නම්  කළ ගැසට් පත්‍රය අ‍වලංගු කර ඔවුන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීම නිමිත්තෙන් මෙම වැඩ සටහන පැවැත්විණි.
     
    මෙහිදී අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , මේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය, ශිෂ්ඨාචාරය, සංස්කෘතිය පිළිබඳව ජනතාව, නව පරපුර දැනුවත් කිරීම කොතෙක් දුරට සිදු කරනවා ද යන්න පිළිබඳව සලකා බැලිය යුතු බවත්
    අද අවශ්‍යව ඇත්තේ හිස් මිනිසුන්ගේ බොල් හඬවල්වලට වඩා යහපත්, උගත් මිනිසුන්ගේ සහ දේශපේ‍්‍රමින්ගේ අවංක හඩත් සමග නිවැරදි ගමන් මගක් බව ජනාධිපතිතුමා පවසයි. 
     
    එම ගමන් මගට නායකත්වය ලබා දීමට මේ රටේ ප‍්‍රධාන මහජන සේවකයා ලෙස තමා සූදානම් බවද පැවසූ ජනාධිපතිතුමා ඒකීය මෙන්ම සමෘද්ධිමත් දේශයක් ලෙස රට ගොඩනැගීමට බේදයකින් තොරව එක්වන ලෙස තමා සියලූදෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බවද ප‍්‍රකාශ කළේය.
    pre1
     
    අද තිබෙන ප‍්‍රශ්ණ විසදිය හැක්කේ වීර කැප්පෙටිපොළ නිලමේතුමා භාවිතා කළ කඩුවෙන් හෝ ටී 56 හෝ මල්ටි බැරල්වලින් නොව ප‍්‍රඥාවෙන්, දැනුමෙන් සහ බුද්ධියෙන් ඒවාට මුහුණදීම තුළින් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රට ජාතිය අවදිකර, දේශාභිමානය ගොඩනගා යුගයේ යුග මෙහෙවර ඉටු කිරීමට එක්වන ලෙස රටේ සියලූ උගතුන්ට සහ බුද්ධිමතුන්ට තමා ආරාධනා කරන බව කියා සිටියේය. 
     
    ප‍්‍රශ්ණ සහ විවේචන ඉදිරිපත් කිරීමට  ඕනෑම අයෙකුට හැකියාව තිබුණද විසඳුම් සහ මඟ පෙන්වීම් නොලැබෙන බව පැවසූ ජනාධිපතිතුමා අද දවසේ අභියෝග තේරුම්ගෙන අපගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ පාඩම් අධ්‍යයනය කරමින් රටගොඩනැගීමට සියලූදෙනා පිබිදීමෙන්, අභිමානයෙන් සහ උද්දාමයෙන් නැගී සිටිය යුතු බවද ප‍්‍රකාශ කළේය.
     
    නවීන තාක්ෂණය සමග නුසුදුසු දේ, නොගැලපෙන දේ සමාජයට ගලා එන අතර අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය සහ සංස්කෘතිය සභ්‍යත්වය වෙනුවෙන් සියලූදෙනාට සිය වගකීම් ඉටුකිරීමට නැවත කාලය පැමිණ තිබෙන බව ජනාධිපතිතුමා  කියා සිටියේය. 
    ලාංකීය නිදහස් සටනේ ආරම්භය ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය හා ඊට නායකත්වය දුන් කැප්පෙටිපොළ දිසාව ප‍්‍රමුඛ විරුවන් සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූණි. 
     
     
     
    ජනාධිපතිතුමා විසින් දේශපේ‍්‍රමින් බවට ඔසවා තබමින් පසුගියදා නිවේදනය කරන ලද වීරවරයන්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවෙහි දැනගැනීම පිණිස ශී‍්‍ර ලංකා ජාතික කෞතුකාගාරයේ, නිදහස් චතුරශ‍්‍ර කෞතුකාගාරයේ තැන්පත් කිරීම සදහා එම ආයතන ප‍්‍රධානින් වෙත පිරිනැමීම හා මහනුවර ශී‍්‍ර දළදා මාළිගා කෞතුකාගාරයේ වෙනුවෙන් දියවඩන නිළමේවරයා වෙත පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. 
     
    බි‍්‍රතාන්‍ය ජාතිකයින් විසින් දේශද්‍රෝහින් ලෙස නම් කෙරුණු තවත් වීරවරයන් 980 ක් එම ලේඛනයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සංදේශයක්ද වීර මොණරවිල කැප්පෙටිපොළ ජාතික පදනමේ සභාපති වෝල්ටර් පරහිටියාවතැන්නේ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුු අතර ඉතිහාසඥයින්, ආචාර්ය මහාචාර්යවරුන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ ස`දහා කුමන ආකාරයෙන් කටයුතු කළයුතු ද යන්න තීරණය කර ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පැවසීය. pre
     
    මෙහිදී අදහස් දැක්වු ජාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරැණාතිලන මහතා අදහස් දක්වමින් කැප්පෙටිපො‍ල අතුළු විරුවන්ගේ තොරතුරැ ලබා ගත හැකි මධ්‍යස්ථානයක්  ඇති කරන්නේ නම් කවුරුත් අගය කරනු ඇති බවද පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය, විජයදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බුද්ධික පතිරණ යන මහත්වරුන් ද මහාචාර්ය ජේ.බී. දිසානායක, කේ.එන්. ඕ. ධර්මදාස යන විද්වතුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ද, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහතා ඇතු`ථ රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya