මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දිනය නම් කෙරේ

    දෙසැම්බර් 08, 2016

    සියලුම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්වල 2017 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2017 ජනවාරි මස 11 වනදා සිදු කිරිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව, 2017 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2017 ජනවාරි මස 11 වන දින සිදු කරන ලෙස, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති අතර 2017 ජනවාරි මස 11 දිනට ප‍්‍රථම පළමුවන ශ්‍රේණිය සඳහා තෝරාගත් සිසුන් හඳුනාගැනීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කළ යුතුය.

     

    මෙහිදී පළමුවන ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ වැඩසටහන සඳහා නවක සිසුන්, දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය සහ නවක සිසුන් පිළිගැනීම සඳහා ප‍්‍රාථමික අධ්‍යාපන අංශයේ සිසුන්ගේ ප‍්‍රාසාංගික අයිතමයන් පැවැත්වීම කළ යුතු අතර සැමවිටම සිසුන්ට ප‍්‍රමුඛත්වය ලැබෙන අයුරින් සිසුන්ට හා දෙමාපියන්ට අපහසුතාවක් නොවන අයුරින් මෙම වැඩසටහන් සංවිධානය කළ යුතුය.

     

    එමෙන්ම ප‍්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව හා පළමුවන ශ්‍රේණියේ නව විෂය මාලාව කි‍්‍රයාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳව ද සිසුන් හා දෙමාපියන් දැනුවත් කළ යුතු බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya