අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ අවබෝධයෙන් තොර චින්තනය නිසා ජාතික හා ආගමික ගැටුම් කරා යොමුවනවා Featured

    ජූනි 18, 2014

    සමාජ අවබෝධයෙන් තොර චින්තනයෙන් යුතුව ජීවත් වීම නිසා ඇතැම් පිරිස් ජාතික හා ආගමික වශයෙන් ගැටුම් කරා යොමු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පවසයි.


    සුළු සිද්ධීන් නිසා මිනිසුන් ගැටුම් කරා යොමු වීමෙන් සමාජයේ මහා විනාශයක් සිදු වන බවත්, ඒ නිසා දේපළ මෙන්ම, ජීවිත හානි පවා සිදු වී රටට මහත් කැළලක් සිදු වන්නේ යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.


     බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධාන කළ සැමරුම් උළෙලට සහභාගි වෙමින් එහිදී එතුමා මේ බව ප්‍රකාශ කළේය.


     කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද, සෙසු ආගමික නියෝජිතයන් ද අග්‍රාමාත්‍යතුමාට එහිදී ආශිර්වාද කළ අතර, අනතුරුව එහි පැවති කෙටි උත්සවයේ දී අග්‍රාමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.


    “අද වැනි දිනක සියලු ජාතීන් නියෝජනය වන පිරිස් සහයෝගයෙන් යුතුව මෙවැනි උත්සවයක් සංවිධාන කිරීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වනවා.  ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් අප සියලුදෙනා මිත්‍රත්වයෙන් සහ සහයෝගයෙන් ජීවත් විය යුතුයි. ඒ සඳහා සුදුසු පරිසරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිර්මාණය කර තිබෙනවා.


     අප ඉටු කරන සේවාව ජනතාව විසින් පිළිගන්නවා නම් ඒ සේවාව තවදුරටත් ශක්තිමත්ව ඉටු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම සම්බුද්ධ ශාසනය සහ ‍බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කළයුතුය යන ව්‍යවස්ථාවේ වගන්තිය දිවිහිමියෙන් යුතුව රැක ගැනීමට ද අප කටයුතු කරනවා. එසේ වුවද සෙසු ආගම් සඳහා ඉහළ ගෞරවයක් ලබාදීමට ඔවුන්ට සමානාත්මතාවෙන් සැලකීමට ද අප රජය සෑම විටකම බැඳී සිටිනවා.

     

     ලෝකයේ බොහෝ රටවල විවිධ ජාතීන් ජීවත් වෙනවා.  ඒ අයුරින්ම ශ්‍රී ලංකාවේ ජාතීන් පහක් ජීවත් වන අතර, ඇතැම් විට සුළු පිරිසකගේ නොමනා ක්‍රියාකාරකම් නිසා එම ජන කොටස් අතර සුළු සුළු ගැටුම් නිර්මාණය වනු දැකිය හැකියි. නමුත් අප අවධාර‍ණයෙන් සඳහන් කරන්නේ එලෙස ගැටුම් නිර්මාණය කරන්නන් ආධ්‍යාත්මික චින්තනයෙන් තොර පහත් පුද්ගලයන් වන බව” යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍යපාද ගෝනදූවේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, දෙහිවල විෂ්ණු කෝවිලේ ආනන්ද කුමාර් කුරුක්කල්තුමා, කොළඹ ඉස්තානියා අරාබි විදුහලේ පූජක එම්.එච්.එම්. ෆාරුක් මවුලවිතුමා, සෙසු ආගමික පූජකවරුන් ද, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.කේ.බී. දිසානායක, මහාභාරකාර සරත් සෙනවිරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya