මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර විනාශය නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නවා -ජනපති Featured

    ඔක්තෝබර් 21, 2016
    පස් කැපීම් සහ වනාන්තර හෙළි කිරීම් පිළිබඳව දැනට තිබෙන ආයතනික ව්‍යූහය තුළ අදාළ සියලුම ආයතනවල අනුමැතිය හිමි වුවද, අවසානයේ පරිසර අමාත්‍යවරයා ලෙස තමාගේ ද අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය බවට චක‍්‍රලේඛයක් ඉදිරියේ දී නිකුත් කරන බව ජනාධිපතිතුමා පවසයි.
    දිවයින පුරා අක‍්‍රමවත් අයුරින් සිදුවන පස් කැපීම්, වනාන්තර හෙළි කිරීම් සහ වැලි ප‍්‍රවාහනය පිළිබඳ තොරතුරු තමා වෙත ලැබී ඇති අතර පරිසරයට දැඩි විනාශයක් සිදු කරමින් කරගෙන ගිය එම බොහොමයක් කටයුතු තම මැදිහත්වීමෙන් නැවැත්වීමට පියවර ගත් බව පැවසූ ජනාධිපතිවරයා අදාළ පරීක්ෂණ සිදු කොට ඒ සඳහා අනුමැතිය ලබා දුන් අයට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ සතිය ප‍්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ පැවති උත්සවයකට එක් වෙමිනි.
     
    පරිසර සංරක්ෂණය පිළිබඳ මූලික වගකීම් දරන සියලු ආයතන මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවද අවධාරණය කළ ජනාධිපතිතුමා ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ගෙන් අපගේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සියලුදෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.
     
    පොලිතින්, ප්ලාස්ටික් හා විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ලෝකයේ සංවර්ධිත වූ රටවල් ද අභියෝග රැසකට මුහුණ දී තිබෙන අතර තමන් ජීවත්වන පරිසරයේ ස්වාභාවික සම්පත්වල වටිනාකම් හඳුනා ගනිමින් ඒවා සුරක්ෂිත කිරීමට සහ පෝෂණය කිරීමට සියලුදෙනා කටයුතු කළ යුතු බව ද කියා සිටියේය.
     
    පොලිතින්, ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ලබන 24 වනදා සිට ආරම්භ කෙරෙන අතර මෙම සතිය තුළ පොලිතින් හා ප්ලාස්ටික් මෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය, ප‍්‍රතිචක‍්‍රීකරණය ආදිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට නියමිතය.
     
    ඒ වෙනුවෙන් සංවිධානය කර තිබූ ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්විය.
     
    පොලිතින්. ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ සතිය ප‍්‍රකාශයට පත් කරමින් ඒ් පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර පොලිතින්, ප්ලාස්ටික් හා විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා විශිෂ්ට මෙහෙවරක් ඉටුකරන ආයතන සහ පුද්ගලයින් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya