මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු වරට ඖෂධ වර්ග 47ක මිල අඩුවෙයි Featured

    සැප්තැම්බර් 25, 2016
    ලංකා ඉතිහාසයේ පළමුවරට ඖෂධ වර්ග 47ක මිල අඩුකර උසස් ගුණයෙන් යුතු ඖෂධ අඩු මිලට ලබාගැනීමේ හැකියාව ජනතාවට උදාකර දෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ගුණ සැමරීම වෙනුවෙන් පසුගිය දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
     
    "අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 47ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්නේ පළමු අදියර යටතේයි. මෙහිදී දියවැඩියාව, හෘද රෝග සහ තවත් රෝගවලට භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ 47ක මිල අඩු කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපතිවරයා විසින් ඉන්දියාවේ මිල අඩු කළ ආකාරය සැළකිල්ලට ගෙන මෙම මිල අඩු කිරිම සිදු කරනු ලැබුවා. උදාහරණයක් ලෙස හෘද රෝග සඳහා භාවිතා කරන ඖෂධයක මිල රුපියල් 4000ක් වුවහොත් එය රුපියල් 2000 දක්වා අඩු වෙනවා. තවත් මාස එකහමාරකට පසු මිල අධික ඖෂධ අඩු කිරිමට මම කටයුතු කරනවා. ඉන් පසු තවත් ඖෂධ වර්ගවල මිල අඩු කිරිමට පියවර ගන්නවා.”යැයි ද අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපති මහාචාර්ය අසිත ද  සිල්වා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ප‍්‍රියදර්ශනී ගලප්පත්ති, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි, එහි සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් හා මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ බිරිඳවන ලීලා බිබිලේ මහත්මිය  ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya