අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයට නව ඒකකයක් Featured

    අගෝස්තු 25, 2016

    සෞඛ්‍ය අමාත්‍යාංශයට මානව සම්පත් හා ව්‍යාපෘති අධික්ෂණ ඒකකයක් ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ නියෝග කර තිබේ.

    2017 අයවැය යෝජනා පිළිබඳ රැස්වීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    ඖෂධ ගබඩා පහසුකම් ලබාදීම, ඖෂධ බෙදාහැරිමට ලොරි රථ ලබාදීම, වැල්ලවත්ත ඖෂධ ගබඩාව එම ප‍්‍රදේශයෙන් ඉවත් කර වැලිසර ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීම, ත‍්‍රීපෝෂ නිෂ්පාදන ගබඩා කිරිම සදහා දිස්ත‍්‍රීක් මට්ටමින් ගබඩා පහසුකම් ලබාදීම, අක්ෂි කාච නොමිලේ ලබාදීම, හෘද රෝගීන් සදහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීම රුධිර පරික්ෂණ රෝහල්වලින් නොමිලේ ලබාදීම, පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදීම සහ 2017 වසරේ අවශ්‍ය මිල මුදල් ප‍්‍රමාණ පිළිබදව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

     

    ඉදිරියේ දී මානව සම්පත් අංශයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරන බවත් සෞඛ්‍ය සේවාවේ එක්ලක්ෂ 50,000 කට වැඩි සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් මානව සම්පත් අංශයක් අවශ්‍යය බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ සහභාගීත්වයෙන් සකස් කළ මානව සම්පත් අංශයක් සකස් කිරීමේ ක‍්‍රමවේද ඇතුලත් කැබිනට් පත‍්‍රය කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙන අතර එමෙන්ම සෞඛ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම් මන්දගාමීව සිදුවන බැවින් ව්‍යාපෘති අධික්ෂණ ඒකකයක් ස්ථාපිත කරන බවත් එම ඒකකයට ඉංජිනේරුවන් සහ ගෘහනිර්මාණ ශිල්පීන් ද ඇතුළත් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මුදල් අමාත්‍යාංශය ගිලන් රථ 250 ක් සහ කැබි රථ 150 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගැනීම සඳහා අනුමතර කර තිබෙන බවත් එය කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     


    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය ආර්. සමරතුංග මහතා, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya