අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිෂේධාත්මක වාර්තා පුවත්පත්වල පළ ව තිබීමේ ඇත්ත තත්ත්වය

    අගෝස්තු 24, 2016

    සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ජාත්‍යන්තර කීර්තියක් සහිත උපදේශන සමාගම්වල සේවා රජය විසින් ලබා ගැනීම පිළිබඳ නිෂේධාත්මක වාර්තා පුවත්පත්වල පළ ව තිබීමේ ඇත්ත තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    "යෝජිත මූල්‍ය නගරයට අදාළ නව නීති කෙටුම්පත් කිරීමට සහ පවත්නා නීති සංශෝධනයට හිටපු නීතිපති යුවන්ජන් විජේරත්න මහතා ගේ සේවා ලබා ගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව තීරණය කළා ය.

    අයර්ලන්තයෙහිල චැනල් දූපත්වල, එක්සත් රාජධානියෙහි, ඩුබායිහි සහ හොංකොංහි පවත්නා මූල්‍ය ආකෘතිවල නෛතික ඵලවිපාක ගැන ආණ්ඩුවට උපදෙස් දීම සඳහා  මූල්‍ය හා වාණිජ බදු නීතිය පිළිබඳ විශේෂඥයන් වන සහ ප‍්‍රධාන පෙළේ ගෝලීය නීති සමාගමක් වන බේකර් සහ මැකන්සි සමාගමෙහි සේවා ලබා ගෙන තිබේ. එම සමාගම ඉන්දුනීසියානු බදු නීතිය සහ වෙනත් එබඳු නීති ගැන ද ආණ්ඩුවට උපදෙස් දෙනු ඇත. ඔවුන්ට වෙනත් වැඩක් පවරා නැත. මෙම කටයුත්ත බේකර් සහ මැකන්සි සමාගමෙහි හොංකොං කාර්යාලය විසින් ඉටු කරනු ඇත.

    බේකර් සහ මැකින්සි සමාගමට කොළඹ කාර්යාලයක් ඇති බවත් ඔවුන් ශ‍්‍රී ලංකාවෙහි නීති කටයුතුවල යෙදෙන බවත් ඉහත මාධ්‍ය වාර්තාවල හිතාමතා ම සඳහන් කර තිබිණි. එය සාවද්‍ය යග බේකර් සහ මැකන්සි ශ‍්‍රී ලංකාවෙහි කාර්යාලයක් විවෘත කර නැති අතර ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නීතියට අනුව ඔවුන්ට ශ‍්‍රී ලංකාවෙහි කාර්යාලයක් පිහිටුවිය නොහැකි ය.

    ආණ්ඩුව විසින් පටන්ගෙන ඇති තවත් ව්‍යාපෘතියක් වන්නේ මලයාසියානු අගමැති කාර්යාලයෙහි PEMANDU (කාර්ය සාධනය සහ කළමනාකරණ කටයුතු ඉටුකිරීමෙහි ඒකකය) පදනම් ව මධ්‍ය වැඩපිළිවෙළ කළමනාකරණ ඒකකයක් පිහිටුවීම ය. මේ අරමුණ සඳහා සුප‍්‍රකට ගෝලීය කළමනාකරණ උපදේශන සමාගමක් වන මැකින්සි සහ සමාගමෙහි මලයාසියානු කාර්යාලය සමඟ ආණ්ඩුව ගිවිසුමකට එළඹ ඇත. යෝජිත ඒකකය පිහිටුවන කණ්ඩායමට ආධාර කරනු පිණිස  PEMANDU පිළිබඳ සෘජු දැනුම සහිත මැකින්සි සමාගමෙහි මැලේසියානු කාර්යාලයට කොළඹ කාර්යාල ඉඩකඩ සපයනු ඇත. මැකින්සි නීති සමාගමක් නොවන අතර ඊට බේකර් සහ මැකෙන්සි සමාගම සමඟ කිසි සම්බන්ධයක් නැත.

    ආර්ථික සහ තාක්ෂණවේදී සහයෝගතා (ETCA) ගිවිසුම පිළිබඳ සාකච්ඡාවලින් වෘත්තිකයන් නැගිට ඉවත ගිය බවට පළ වූ තවත් සාවද්‍ය සහ දුෂ්ට වාර්තාවක් කෙරෙහිද අවධානය යොමු කරන්නට අපි කැමැත්තෙමු. නෛතිකව පිළිගත් සියලු වෘත්තීකයන් ගේ  සංගම්ල ව්‍යාපාරික සංගම් සහ වෘත්තීය සමිති සමඟ ආණ්ඩුව සාකච්ඡා කරන අතර කිසිවෙකු සාකච්ඡා වර්ජනය කර නැත. සාකච්ඡාවලින් ඉවත් ව ගොස් ඇත්තේ ද නැත.
     
    තව ද ජාතික සංවර්ධන සැලැස්මෙන් ආදායම් යෝජනා ඉවත් කර ඇති බවට පළ වූ පුවත් වාර්තා ද සාවද්‍ය යග  සාර්ව ආර්ථික ස්ථාවරකරණ වැඩපිළිවෙළ ජාතික සංවර්ධන සැලැස්මෙහි එක් කේන්ද්‍රීය අංගයකි.

    ආණ්ඩුව ආර්ථික සහ වෙළෙඳ  ගිවිසුම්වලට එළඹීම සඳහා ඉන්දියාවල චීනය සහ සිංගප්පූරුව ආදී රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටී. තව ද තනි යුරෝපීය වෙළෙඳපොලට පිවිසීම සඳහා ආණ්ඩුව GSP+ සහනය ලබා ගැනීමටද සාකච්ඡා කරයි. ඉන්දුනීසියාවල මලයාසියාවල තායිලන්තය සහ තවත් රටවල් ගණනාවක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ලබන වසරෙහි එළඹීමට ද ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටි. ආණ්ඩුව ජපානය සමඟ ද ආර්ථික සහයෝගතා වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කරයි. ආණ්ඩුවෙහි ප‍්‍රතිපත්තිය වන්නේ ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම ය. මෙම කලාපය සඳහා වන පෙරදිග ක‍්‍රියාකරනු යන ඉන්දියානු ප‍්‍රතිපත්තියෙහි සහ චීනයේ එක් පථයක් - එක් මාවතක් යෝජනාවෙහි එක්සත් ජීව ශක්තිවලින් ප‍්‍රයෝජන ගැනීමට ද අපි බලාපොරොත්තු වෙමු. මෙම ප‍්‍රයත්නයන්හි අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවෙහි මධ්‍යම පන්තියට රැකියා දස ලක්ෂයක් බිහි කර ග‍්‍රාමීය ආර්ථිකය යළි පණ ගැන්වීම සඳහා ශ‍්‍රී ලංකා නිෂ්පාදිතවල වෙළෙඳපොල ව්‍යාප්ත කිරීම ය."
     
    ඉහත සඳහන් පුවත්පත් වාර්තාවන්හි අරමුණ ආණ්ඩුවෙහි ආර්ථික සංවර්ධන මූලෝපාය හිතාමතා කඩාකප්පල් කිරීම බව පෙන්වා දෙන අමාත්‍යාංශය මෙම නොමඟ යවනසුළු පුවත් වාර්තා, විශේෂයෙන් ම 2016 අගෝස්තු 21 වැනි දින‍ ඉංග්‍රීසි පුවත්පතක පළ වූ පුවත් වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya