අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශ්න විසඳීමේදී බුද්ධිමතුන්ගේ අත්දැකීම් සහ දැනුම අතවශ්‍යයයි

    අගෝස්තු 24, 2016

    රටේ ප්‍රශ්න විසඳීමේදී නිවැරදි තීරණ ගැනීම සඳහා  බුද්ධිමතුන්ගේ අත්දැකීම් සහ දැනුම අත්‍යවශ්‍ය වන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අමාත්‍යාංශයේ පැවති විද්වත් හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර රටේ පමණක් නොවෙයි වරාය අමාත්‍යාංශයේ ප්‍රශ්න විසඳීමටත් බුද්ධිමතුන්ගේ අදහස් සලකාබැලීම වටිනා බව ද ඒ මහතා සඳහන කළේය.

     

    මේ වනවිටත් වරාය ක්ෂේත්‍රයට අදාළව උපදේශක මණ්ඩල පත් කර තිබෙන බවත් එයින් පිටත විෂයන්වලදීත් බුද්ධිමතුන්ගේ සේවය ලබාගැනීම අවශ්‍යය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත, මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, මහාචාර්ය රත්නසිරි අරංගල, ආචාර්ය ප්‍රියන්ත දුණුසිංහ, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී,  රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී මොහාන්රාජ් මඩවල ඇතුළු විද්වතුන් පිරිසක් එක්වූහ. එහිදී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජිනදාස කටුපොත මහතා විසින් රචිත Lagoon of Sri Lanka : From the Origins to the Present නම්  පර්යේෂණ කෘතිය අර්ජුන රණතුංග මැතිතුමා වෙත පිළිගැන්වීමද සිදුවිය. මෙම අවස්ථාවට වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති මැතිතුමා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග මැතිතුමා සහ අමාත්‍යාංශයේ මහත්ම මහත්මීන් රැසක් ද එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya