අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. සාපෙළ විශිෂ්ටයන් ජනපති හමු වෙයි Featured

    අගෝස්තු 24, 2016

    2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ මුල් ස්ථාන 10 අතරට පත් වූ සිසුන් 12 දෙනා ඊයේ (23)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

    එම සිසුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශීංසන පිළිගැන්වීය.

     

    සිසුන් වෙනුවෙන් මුදල් තිලිණ ප‍්‍රදානයක් ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර ලැප්ටොෆ් පරිගණක ද ප‍්‍රදානය කෙරිණි.

     

    2015 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත්ව දිවයිනේ පළමු ස්ථානයට පැමිණි කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ එස්. සත්සරණි හෙට්ටිආරච්චි, දෙවන ස්ථානයට පත් කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ.කේ. සමල් පුන්සර, තෙවන ස්ථානවලට පත්වූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආර්.මලීනා රත්නායක, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ආර්.එම්. ඉන්දීවරි උමයංගා යන සිසුන් ඇතුළු මුල් ස්ථාන 10 අතරට පැමිණි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී. රාධාකි‍්‍රෂ්නන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්. බන්දුසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මීට එක්ව සිටියහ.

     

    මේ අතර තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධිය වයස අවුරුදු 11 දී සම්පූර්ණ කළ සහ වයස අවුරුදු 09 දී වෙබ් අඩවියක් නිර්මාණය කරමින් මෙරට ළාබාලතම වෙබ් නිර්මාණවරිය බවට පත්වූ මහනුවර පිහිටි කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන වශින්‍යා පේ‍්‍රමානන්ත් සිසුවිය ද සිය දෙමාපියන් සමඟ ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

     

    එම සිසුවියගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඇයට දීප්තිමත් අනාගතයකට සිය සුබපැතුම් පළ කළ අතර තිළිණයක් ද පිළිගැන්වීය.

     

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්නන් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya