අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝනොවන රෝග පාලනය කිරීමට වත්මන් රජය පියවරගන්නවා

    ජූලි 24, 2016

    බෝනොවන රෝග පාලනය කිරීම සදහා දුම්කොළවලට එරෙහිව ගෙනයන ක‍්‍රියාමාර්ග තවත් වැඩි කිරිමට වත්මන් රජය පියවරගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සිගරට් කර්මාන්තයෙන් අය කරන බදු ප‍්‍රමාණය සියයට 90 දක්වා වැඩි කිරීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කර සිටියේ, පසුගිය දා ඇමරිකාවේ නිවියෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ සැසිවාරය සදහා සහභාගි වෙමිනි.

     

    මෙම සැසියේ දී ලෝකයේ බෝනොවන රෝග පාලනය කිරීමේ ක‍්‍රමවේදයන් පිළිබඳව  සාකච්ඡා කෙරුණි.

     

    බෝනොවන රෝගපාලනය කරමින් 2017 වසරේ දී ප‍්‍රගතිය ප‍්‍රකාශ කිරීමට සුදානම් රටක් ලෙස ද ශ‍්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වනවිටත් හදුනාගෙන තිබීම ද විශේෂත්වයකි.

     

    සිගරට් පැකට්ටුවේ සියයට 80 රූපමය අවවාද ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර  ඕස්ට්‍රේලියාවේ ක‍්‍රියාත්මකවන පරිදි ශි‍්‍ර ලංකාවේ ද සුදු පාට සිගරට් පැකට්ටුවේ සිගරට් වර්ගයේ නම පමණක් සදහන් කිරීමට ඉදිරියේ දී අවසර ලබාදෙන බවයි.

     

    එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, පැණි බීම වර්ග සදහා රෙගුලාසි ක‍්‍රියාත්මක කිරිම අගෝස්තු මස 01 සිට ක‍්‍රීයාත්මක වන අතර ආහාරවල අඩංගු සීනි ප‍්‍රමාණය ජනතාවට දැනගැනීමට හැකිවන පරිදි වර්ණ සංකේත  ක‍්‍රියාත්මක වෙයි.

     

    එමෙන්ම රජයේ සියළුම රැස්වීම් වලදී ලබාදිය යුතු ආහාර පාන පිළිබඳ උපදෙස් ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කරන ලද්දේ ද බෝනොවනරෝග පාලනය කිරීම සදහා යැයි අමාත්‍යවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya