අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහසේ තම ආගම ඇදහීමට, නිදහස් සමාජයක දොරටු විවෘත කළ යුතුයි - ජනපති Featured

    ජූලි 01, 2016
    රටේ ජාතික සමගිය සහ ජාතික සංහිදියාව ශක්තිමත් කිරීමට නම් සෑම ආගමිකයෙකුටම නිදහසේ තම ආගම ඇදහීමට ඇති අයිතිය තහවුරු කරමින් නිදහස් සමාජයක දොරටු විවෘත කළයුතු බව ජනපති පවසයි.
    ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඉස්ලාමීය බැතිමතුන් වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති ඉෆ්තාර් උත්සවය සඳහා සහභාගී වෙමිනි.
     
    ඉස්ලාමීය ආගමික නායකයින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම උත්සවයට එක්ව සිටියහ.
     
    එම වැඩපිළිවෙළේදී සියලූ දෙනා එක්ව මෙවැනි ආගමික උත්සව සංවිධානය කිරිම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක් වූ අතර ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද සිදු කෙරිණි.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya