මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල්පැන ගිය අධ්‍යාපන ප්‍රතිපත්ති ඉවත් විෂයමාලා යාවත්කාලීන කරනවා - අධ්‍යාපන ඇමැති

    ජූනි 29, 2016

    අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දළ දේශීය නිෂ්පාදනයෙන් 6‍% දක්වා පියවරෙන් පියවර වැඩි කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

     

    යල්පැන ගිය අධ්‍යාපන ප‍්‍රතිපත්ති, සහ විෂයමාලා යාවත්කාලීන කිරිමට නව රජය යටතේ අදාළ පියවර ගනිමින් සිටින බවත්, විද්‍යා සහ ගණිත විෂය ධාරාවන්ගෙන් විශ්වවිද්‍යාල සඳහා සිසුන් වැඩි ප‍්‍රමාණයක් ඇතුළත් කරගැනීමට ඉදිරියේ දී පියවර බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ, ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී  පැවති ගණිත හා විද්‍යා විෂයන්හි විශිෂ්ට දස්කම් දැක්වූ, වයස අවුරුදු 13 ට අඩු  6, 7, 8  ශ්‍රේණිවල දරුවන්ගේ හැකියාවන් වාර්ෂිකව ඇගයීමට ලක් කෙරෙන ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ විද්‍යා අංශයේ පදක්කම් හා සහතික ප‍්‍රදානයට එක්වෙමිනි.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සෑම දරුවෙකුට ම වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලබා දීමටත්, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අඛණ්ඩ පුහුණුවීම් ලබාදීමටත්, මානව සම්පත මෙන්ම පාසල්වල භෞතික සම්පත් වැඩිදියුණු කිරීමටත් පියවර ගන්නා බව සඳහන් කළේය.

    නව ලොව අභියෝග ජය ගත හැකි පරිදි සියලූ ම දරුවන්ට පරිගණක සාක්ෂරතාව ලබා දීමටත්,  ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගැනීමටත් කටයුතු කරන බව ද කියා සිටි අමාත්‍යවරයා,  ඉදිරි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවල දී පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද  පැවසීය.

     
    ඔලිම්පියාඩ් තරගාවලියේ විද්‍යා අංශයේ, ජාතික මට්ටමේ කණිෂ්ඨ අංශයේ තරග ගම්පහ සියනෑ ක්ෂේත‍්‍ර අධ්‍යාපන මධ්‍යස්ථානයේ දී 2016 මැයි මස 7 සහ 8 දිනයන් හි පැවැත්වූ අතර මෙහිදී සියලු ම පළාත් නියෝජනය කරමින් සිසුන් 118 දෙනෙක් තරග සඳහා ඉදිරිපත් වූහ.

    ඔවුන් අතරින් රන් සම්මාන 3 ක්, රිදී සම්මාන 7 ක් සහ ලෝකඩ සම්මාන 20ක් ලෙස සිසු දරුවන් 30 දෙනෙකුට ජාතික මට්ටමේ සම්මාන හිමිවු අතර ඒ අතරින් තෝරා ගත් විශිෂ්ටයින් 12 දෙනෙකු සඳහා මෙවර ජාත්‍යන්තර ඔලිම්පියාඞ් තරගාවලියේ විද්‍යා අංශය නියෝජනය කිරීමට අවස්ථාව උදා වී ඇත.

    මෙම තරග 2016 නොවැම්බර් මස පළමු සතියේ ඉන්දුනීසියාවේ දී පැවැත්වීමට නියමිතය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාකි‍්‍රෂ්ණන් මහතා සහ අතිරේක ලේකම් හේමන්ත පේ‍්‍රමතිලක මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya