අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් නැහැ- අගමැති කාර්යාලය

    ජූනි 28, 2016

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සමාජය පුරා විවිධ දුර්මත පැතිරවීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඒ පිළිබඳ පදනම් ලියැවිල්ලක් හෝ මෙතෙක් සකස් කොට නොමැති බව පෙන්වා දෙන එම කාර්යාලය එසේ වී තිබියදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් එක් ආකාරයේ වගන්ති ඇතුළත් වී ඇතැයි සිදු කෙරෙන ප්‍රකාශයන්හි කිසිදු පදනමක් නොමැති බව ද පෙන්වා දෙයි.

    එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “විශේෂයෙන්ම බුදු දහම සම්බන්ධව වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගන්ති සංශෝධනය කිරීමක් හෝ වෙනස් සිදු කරන බවට පළ කෙරෙන මත සම්පූර්ණයෙන්ම සාවද්‍යය. ථෙරවාද බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම සඳහා වූ වගකීම් නිරන්තරයෙන්ම රජය විසින් දරනු ඇත.
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් මෙතෙක් සාකච්ඡා කර ඇත්තේ මැතිවරණ ක්‍රමය, පළාත් සභා වෙත බලය බෙදා දීමේ ලැයිස්තු සහ විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳව පමණි.
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමක් සිදු කෙරිණි. එහි අරමුණ වූයේ ව්‍යවස්ථාව සකස් කිරීමේදී ජනතාවගේ අදහස් සඳහා ද නියෝජනයක් ලබාදීමය. එහිදී ජනතාව සිය සිතැඟි පරිදි විවිධ අදහස් පළ කළහ. එම ජනතා අදහස් දැන් ප්‍රසිද්ධියට පත් කර ඇත. එය ව්‍යවස්ථා කෙටුම් පතක් නොවේ. ජනතාව ඉදිරිපත් කළ අදහස් විවෘත හා විනිවිද අයුරින් එළිදැක්වීමක් පමණි.  ඒ අදහස් ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු අනු කමිටු වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ ඒ අනු කමිටු විසින් රටේ අනාගතයට, සුභ සිද්ධියට හා අනාගතයට ගැලපෙන ජනතා අදහස් ව්‍යවස්ථා සම්පාදනයේදී සැලකිල්ලට ගනු ඇත." යනුවෙන් වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya