මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළඳභාණ්ඩ අතර විශාල ලෙස පාරිභෝගිකයන්ට හානිකරන භාණ්ඩය වන්නේ දුම්වැටියයි - රූපමය අවවාදය ඵලදායී ක්‍රමයක්

    මැයි 30, 2016

    ලෝක වෙළඳපොළ තුළ තිබෙන සියලු භාණ්ඩ අතර විශාල ලෙස පාරිභෝගිකයන්ට හානිකරන භාණ්ඩය වන්නේ දුම්වැටිය වන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පවසයි.

    හෙට දිනට(මැයි 31) යෙදී තිබෙන ''ලෝක දුම්කොළ නිවාරණ දිනය''වෙනුවෙන්  අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමින් පුබුදු සුමනසේකර මහතා මෙසේ පැවසී ය.

     

    සිගරට් සඳහා රූපමය අවවද සියයට 80%ක් යෙදීමට හැකියාව ලැබී තිබෙනවා.රූපමය අවවාදය යෙදීම නිසා අලුතින් දුම්පානයට පුරුදුවීම අඩුවීමත්, දැනටමත් දුම්පානය කර අයගේ අඩුවීමක් සිදුව තිබෙනවා.මෙම ක්‍රමය අතිශය ඵලදායී ක්‍රමයක් ලෙස පිළිගෙන තිබෙනවා.

    ලෝකයේ සියලු වෙළඳපොළ භාණ්ඩ අතර පාරිබෝගිකයාට හනිකර ම භාණ්ඩය වන්නේ දුම්වැටියයි.දියුණු රටවල් මේ පිළිබඳව දැනගෙන සිටිනවා.අකාලයේ පියවර අහිමි වීම නිසා දරුවන්ගේ අවශ්‍යතා මඟ හැරෙනවා. ආර්ථික වශයෙන්  රටකට විශාල ගැටළුවක් වෙනවා.

    බොහෝ අවස්ථාවල ළමුන් අල්ලාගන්නේ, කාටුන් ,ටෙලිනාට්‍ය, චිත්‍රපට තුළ වක්‍රව මෙවැනි දේ ප්‍රචාරය කිරීමෙන්.දුම්කොළ සමාගම බලන්නේ අලුත් පරපුරක් අල්ලාගැනීමටයි යැයි ද පුබුදු සුමනසේකර මහතා පැවසි ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya