මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ඇති වූ ආපදා තත්ත්වය ගැන චීන නායකයෝ සංවේගය පළ කරති

    මැයි 27, 2016

    ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නායයෑම් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී චින් පීන් මහතා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සංවේගය පළ කරයි.

    විපතින් මිය ගිය පිරිසට චීන ජනාධිපතිවරයා ශෝකය පළ කර සිටී. පීඩාවට පත් ජනතාවට සංවේගය පල කරන අතර ශ්‍රී ලංකා රජයේ ආපදා සහන කටයුතු වෙනුවෙන් චීන රජය උපරිම ලෙස සහාය ලබා දෙන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකාවේ ඉල්ලීම් මත ආපදා සහන හා පශ්චාත් විපත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට හැකි තරම් උපකාර ලබා දීමට ක්‍රියා කරන බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කරයි.

    එමෙන් ම ශ්‍රී ලංකා රජය හා ජනතාව වත්මන් ආපදාවෙන් නැගී සිටීමට හැකි වනු ඇතැයි බලාගොරොත්තු වන බව ද ෂී චින් පීන් මහතා පවසා තිබේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා සිය සංවේගය පළ කරයි.

    ශ්‍රී ලංකා ජනතාව මුහුණ දුන් විපත පිළිබඳව චීන ජනතාවට සිදු වූ විපතක් සේ හැ‍ඟෙන්නේ යැයි හෙතෙම කියා සිටි. විපත් සහන කටයුතු සඳහා හැකි තරම් සහන ලබා දෙන බව ද චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

    ආපදාවෙන් නැගී සිටීමේ ශක්තිය ශ්‍රී ලංකා ජනතාව සතු වන්නේ යැයි විශ්වාස කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya