අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ දඩුවමට නියම වූ සිරකරුවන් 70 ට ජනපති සමාව

    මැයි 27, 2016

    අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වු නිමල් ඊ. දිසානායක කමිටුවේ නිර්දේශය මත මරණ දඩුවමට නියමව සිටින සිරකරුවන් 70 දෙනෙකුට ජනපති  අනුමැතියෙන් ජීවිත සමාව ලබා දීමට  පියවර ගත් බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    දිවයිනේ බන්ධනාගාර පද්ධතිය තුළ මරණ දඩුවමට යටත් වූ  සිරකරුවන් 1,200කට ආසන්න පිරිසක් සිටින අතර, එම වරදකරුවන්ට නියමිත මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරිම හේතුවෙන් බන්ධනාගාරයන් තුළ විවිධ ගැටලු රාශියක් පැන නැගී ඇත.එම ගැටලු ද  බන්ධානාගාර දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශයට පෙන්වා දී තිබෙන විශේෂ කරුණු ද ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියට අනුව ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ද සැලකිල්ලට ගෙන කමිටුව අදාළ නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

     

    අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද මෙම කමිටු සාමාජිකයන් ලෙස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කටයුතු කරන අතර, මීට අමතරව මෙම ක්ෂේත්‍රය පිළිබදව විශේෂ දැනුම ඇති අපරාධ විද්‍යාව පිළිබඳව විශේෂඥයින්, සමාජ විද්‍යා විශේෂඥයින් හා විශේෂඥ මනෝ වෛද්‍යවරුන් නියෝජනය කරමින් තිදෙනෙකු ද සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කර තිබුණි.

     

    නිමල් ඊ. දිසානායක කමිටුව විසින් මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීම සඳහා අවශ්‍ය නිර්දේශ අවස්ථා තුනකදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

     

    අධිකරණ අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද නිර්දේශයන් සැළකිල්ලට ගෙන ජනාධිපතිතුමන්  2015 දෙසැම්බර් මස පළමු වරට සිරකරුවන් 34 දෙනෙකුට ජනපති නියමයෙන් ජීවිත සමාව ලබා දීමට පියවර ගෙන ඇති අතර පසුගිය 22 වන දා තවත් සිරකරුවන් 83 දෙනෙකුට මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමි විය.

     

    මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින මුලික ගැටලු අධ්‍යයනය කර වඩාත් ප්‍රායෝගිකව බන්ධනාගාර පද්ධතිය විධිමත්ව පවත්වාගෙන යෑමේ අරමුණු ඇතිව අධිකරණ අමාත්‍යාංශය විසින් මරණ දඩුවමට නියමව සිටින දහසකට අධික සිරකරුවන් අතරින් ජීවිත සමාව ලබා දීම සඳහා සුදුසු සිරකරුවන් පිළිබඳව නිර්දේශ ඉදිරිපත්  කළ බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya