අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    මැයි 28, 2016

    2011.12.07 දිනැති 11/2260/504/179-1 දරණ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අයවැය යෝජනා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩසටහන් සැළසුම් කිරීම යටතේ බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීම -2015 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  එම ප්‍රතිඵල ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,පැලවත්ත, බත්තරමුල්ල ලබා දී තිබේ.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ විභාගය _ 2015 (2016) නවක පන්තිය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ විභාගය _ 2015 (2016) සාමාන්‍ය පන්තිය විභායේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.


    එසේම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන ආධුනික ගුවන් විදුලි ක්‍රියාකරවන්නන්ගේ ප්‍රවීණතා සහතිකය සඳහා වූ විභාගය _ 2015 (2016) උසස් පන්තිය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    එම ප්‍රතිඵල විදුලි සංදේශ අධ්‍යක්ෂක ජෙනරාල්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, අංක 276,ඇල්විටිගල මාවත, මැනිං ටවුන්, කොළඹ 08 වෙත ලබා දී  ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya