අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා සිය රට තුළ ඉඩකඩ ලබා දෙන බව නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවට දැනුම් දෙයි

    අප්‍රේල් 30, 2016

    මත්ස්‍ය අපනයනය තහනම් කරමින්  යුරෝපා සංගමය පනවා තිබූ තහංචි ඉවත් කිරීමත් සමග  නෝර්වේ රාජ්‍ය ශ්‍රී ලංකාවේ  මත්ස්‍ය වෙළෙඳපොළ සඳහා ඉඩකඩ ලබා දීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjørn Gaustadsæther මහතා ප්‍රකාශ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.


    තනාපතිවරයා පෙන්වා දී ඇත්තේ, මේ වන විට මත්ස්‍ය අපනයනයට අදාළව ආයෝජන කටයුතු තම රට තුළ සිදු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවී  ඇති බවයි.

    තානාපති Thorbjørn Gaustadsætherමහතා මේ බව කියා සිටියේ පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දී ය.

    ඇමරිකාවේ වොෂිංටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ  අර්ධ වාර්ෂික සමුළුවට සහභාගී වූ අවස්ථාවේ නෝර්වේජියානු මුදල් ඇමැතිනී Siv Jensen සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක්  පැවැති බවද මුදල් අමත්‍යාංශය පවසයි.

    නෝර්වේ තානාපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා අතර අද මෙම හමුව පැවැත්වුණේ  එහි ප්‍රතිඵලයක් ලෙසය.

    එහි දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, ගෙවීගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ පෙන්වා දුන් මූල්‍ය විනයල විනිවිධභාවයේ වැනි  ධනාත්මක සාධකවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බවයි. යුරෝපා සංගමය මත්ස්‍ය අපනයනය සම්බන්ධයෙන් පනවා තිබූ තහංචි ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට මහත් ශක්තියක් බව ද හෙතෙම කියා සිටියේ ය.

    මෙහි දී නෝර්වේ තානාපතිවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර වෙළෙඳ සහ වාණිජ කටයුතු වර්ධනය කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් ක්‍රියාකරන බවයි. ශ්‍රී ලංකාව තුළ පවතින යහපත් දේශපාලන ප්‍රවණතාවය හමුවේ විදේශ ආයෝජනයන් තව තවත් ශක්තිමත් වනු ඇති බව ද තානාපතිවරයා පෙන්වා දුන් බව මුද්ල අමාත්‍යාංශය කියයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya