අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ රෝහල්වල ඉඩිකිරීම් කඩිනම් කරන්නැයි ඇමැති උපදෙස්

    අප්‍රේල් 30, 2016

    කොළඹ දන්ත රෝහල, නුවරඑළිය මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහලේ සිදුකෙරන ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, දොස්තර රාජිත සේනාරත්න මහතා  මෙම උපදෙස් ලබාදෙන ලද්දේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දීය.

     

    ඒ අනුව කොළඹ දන්ත රෝහලේ ඉදිකෙරෙන මහල් 09 කින් යුත් ගොඩනැගිල්ල ලබන ජුලි මස වනවිට ඉදිකර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.


    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් එම ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය. සියළු ඉදිකිරීම් වලට අමතරව අවශ්‍ය ශල්‍ය උපකරණ ද කඩිනමින් ලබාදීමට මෙහිදී තීරණය විය. වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ පොදු අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා කෙරුනි. ෙමි අතර නුවරඑළිය මහ රෝහලේ, කොළඹ දන්ත රෝහලේ සහ හම්බන්තොට මහ රෝහලේ නව ගොඩනැගිලි ද කඩිනමින් ඉදිකර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

     

    එමෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු කඩිනමින් පිරවීම සදහා පළාත්  සභාවල අනුමැතිය ලැබුන බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව වෛද්‍යවරුන් 700 ක් බදවා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය. ආයුර්වේද නිෂ්පාදනවල අඩංගු ඇල්කොහොල් ප‍්‍රමාණය පිළිබඳව ද මෙහිදී සාකචිඡා විය. එහෙත් වෙළඳපොලේ ඇති නිෂ්පාදනවල එම තත්ත්වය ඉක්මවා ඇති බව අනාවරණය විය.

     

    එවැනි නිෂ්පාදන සොයා පරීක්ෂණ පවත්වන ලෙස දැනුවත් කරන ලදි. ආයුර්වේද වෛද්‍ය සභාව කඩිනමින් පත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකචිඡා විය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශි‍්‍ර චන්ද්‍රගුප්ත මහතා,අමාත්‍ය පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න මහත්මිය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya